Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Intruders (2016) with Sinhala Subtitles|කඩාවදින්නෝ. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද යාළුවනේ. ඔන්න මම බයිස්කෝප් පවුලට අලුතින්ම එකතු වෙන කෙනා. නමින් චාමිකර විදානගේ. මට යාළුවො නම් කියන්නේ “චාමි” කියලා :) හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ඩවුන්ලෝඩ් කරනකොට මට හිතුන මමත් පුළුවන් විදිහට චිත්‍රපට වලට සිංහල උපසිරස දෙන්න ඕන කියලා. ඉතින් මම 2016 අවුරුද්දේ හා හා පුරා කියලා ඔන්න වැඩේට බැස්සා.

චිත්‍රපටය ගැන කියන්න කලින් මම පොඩ්ඩක් මං ගැන කියලා ඉන්නම්කෝ. දැන් ඉතින් ඔයාල මගේ නම දන්නවනේ. මම ඉන්නේ නම් කොළඹ. දැනට විදේශීය පෞද්ගලික සමාගමක සහය කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම මම කථිකාචාර්යවරයෙක් විදිහටත් පෞද්ගික අධ්‍යාපනය ආයතන වල part time වැඩ කරනවා. ඒ අතින් බලනකොට මම ගොඩක් busy වගේ නේද? කොච්චර වැඩ තිබ්බත් මම වෙලාවක් තිබ්බම චිත්‍රපටයක් දෙකක් අනිවාර්යෙන් බලනවා. මම ගොඩක්ම කැමති horror, thriller, action and animated කියන ෆිල්ම් වර්ග වලටයි. Horror ඒවාට තමා මම වැඩියෙන්ම කැමති. ඇත්තටම මම horror (හොර) කොල්ලෙක්. හ හා. :)

හරි.. පම්පෝරි ගැහිල්ල පැත්තකින් තියල දැන් ෆිල්ම් එකට යමුකෝ. ෆිල්ම් එකේ නම තමයි Intruders. මේ නමින් මම ෆිල්ම් දෙකක් ගැන අහල තියනවා. එකක් release කලේ 2011. අනිත් ඒක 2015. 2015 ෆිල්ම් එක නම් The Intruders කියන නමින් තමා release උනේ.

දැන් මම කියන්න යන්නේ ඔය ෆිල්ම් දෙක ගැන නම් නෙමෙයි. මම පරිවර්තනය කලේ 2016, ඒ කියන්නේ මේ අවුරුද්දේ උණු උණුවේ release කරපු ෆිල්ම් එකයි. මේක IMDb අගය 5.6/10 ක් ගත්ත ෆිල්ම් එකක්. Drama, thriller සහ horror වර්ග තුනටම වටෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Adam Schindler. විධායක නිෂ්පාදනය කලේ Paranormal activity, Insidious වගේ දැවැන්ත චිත්‍රපට වලට දායකත්වය දක්වපු Tommy Vlahopoulos ඇතුළු පිරිසක්. කතාව ලොකුවට කිව්වොත් ඒකෙ රහ යනවා. ඇත්තටම මම නම් හරි ආසාවෙන් බලපු ෆිල්ම් එකක් මේක. ඉතින් මම කතාවෙන් පොඩ්ඩක් කියන්නම්.

ඇනා කියන්නේ එයාගේ අයියත් එක්ක (කොන්රාඩ්) පාඩුවේ ජීවත් වෙන්න උත්සහ කරපු කෙනෙක්. අයියට පිළිකාවක් තියන නිසා ඇනා අයියට සාත්තු කරමින් තමා කාලයක් තිස්සේ හිටියේ. ඇනාටත් Agoraphobia කියන ලෙඩේ තියනව. ඒ ලෙඩේ තියන අය මිනිස්සු එක්ක වැඩි ආශ්‍රයක් ගෙනියන්න බයයි. ඇනා තාත්ත මැරුණට පස්සේ (අයියා තමා තාත්තව මැරුවේ) කවදාවත් ගෙයින් එළියට ගිහින් නෑ. ගෙදරට ඕන හැමදේම පිටින් ගෙන්න ගන්නවා. ඉතින් ගෙදරට කෑම ගේන කොල්ලෙක් ඉන්නව ඩේනී කියලා. ඩේනී අහිංසක කොල්ලෙක්. ඉතින් ඇනා ඩේනී ට කැමතීයි. ඩේනීත් ඇනාට හිතින් ආදරය කලා.

ෆිල්ම් එකේ මුලදීම කොන්රාඩ් පිළිකාවෙන් මැරෙනවා. ඉතින් දේපොළ ඔක්කොම කොන්රාඩ් ගෙන් ඇනා ට අයිති වෙනවා. ඇනා සල්ලි වලට පෙරේත නෑ. ඉතින් එයා සල්ලි වලින් කොටසක් ඩේනී ට දෙන්න යනවා. ඩේනීත් සල්ලි ගන්න කැමති වෙන්නෙ නෑ. හැබැයි එයා හැමදේම එයාගේ යාළුවා වේන්ස්ට කියනවා. වේන්ස් ඒවා එයාගේ අයියට (JP) කියනවා. අයියා පෙරී කියලා යාළුවෙක් එක්ක එනවා ඇනාගේ ගෙදර මංකොල්ල කන්න. එගොල්ලෝ හිතන් ඉන්නේ ඇනා එදා අයියගේ සොහොනට ගිහින් කියලයි. හැබැයි ඇනා එළියට යන්න බය නිසා එදත් වෙනාදා වගේම ගෙදරට වෙලා ඉන්නවා.

අන්තිමට වේන්ස් වගේම ඩේනීත් ඇනාගේ ගෙදරට එනවා. ඊට පස්සේ තමා ඔක්කොම පටන් ගන්නේ. අහිංසකයි වගේ හිටිය ඇනා (ගෑණු කවුද අහිංසක නේද?) කට්ටියගෙන්ම පළි ගන්නවා. තනියම ඉඳන් පුදුම ගේමක් පිරිමින්ට දෙන්නේ.මුළු ගෙදරම මාරක උගුලක්! ඉතින් කතාව ඔයාලත් බලන්නකෝ.

මේක මගේ පළවෙනි උපසිරස ගැන්වීම නිසා මම ඔයාලගේ comments ගන්න ගොඩක් කැමතියි. මම මේ ෆිල්ම් එක උපසිරස ගන්වන්න ගොඩක් මහන්සි උනා. හැබැයි මම හරිම සතුටින් ඒක කලේ ඔයාල වෙනුවෙන්මයි. එහෙනම් අපහු ඉක්මනටම හම්බවෙමු.

ජය වේවා!

The Intruders (2016) on IMDb

 

 

691 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

AD5DF9943303AED22F1CFC50D9BE34F334727E43

705 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

2827330571C16367CD685C066EABD8385D0F2F2C

1.36 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න

8b50f8a2f7104f181f5e045c78ca33797245d8a5

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>