ආයුබෝවන් හැමෝම! කොහොමද ඔයාලට ”Vampire Detective” කතාව බලනවා ඇති කියලා හිතනවා හැමෝම. ඒ වගේම ”The Chaser” චිත්‍රපටියත් බලපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න නොබලපු අයටත් බලන්න උදව්වක් වෙයි ඒකත්. ඒ වගේම තමයි ලැබෙන ප්‍රතිචාර වලටත් හුඟක් සතුටුයි මොකද කොරියන් බලන යාළුවෝ හුඟක් අඩු නිසා. එහෙමයි කියලා මම උපසැරසි නොදී ඉන්නෙ නම් නෑ.
ඉතින් ඔන්න අදත් හොඳ කතාවක් අරගෙන තමයි ආවේ. මේකටත් මං දන්නවා ඔයාලා කැමති වෙනවා කියලා. මේ කතාවත් අපරාද සහ නාට්‍යමය ගණයට තමයි අදාල වෙන්නෙ. 2015 අප්‍රේල් 29 තිරගත වූ මෙම චිත්‍රපටියට imdb 6.7 ක් වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ ගාන දැක්කම කතාව හොඳයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද? 1996 වසරේදී බටහිර සෝල් දුම්රිය නැවතුම් පලේ කොයින් ලොකර් එකක, ඒ කියන්නෙ සල්ලි ගෙවලා කුලියට ගන්න තියෙන පොඩි අල්මාරියක්. ඒකට වෙන මොකක්ද කියන්නෙ කියලා දන්නෙ නෑ මං ඔන්න. හරි ඉතින් ඔය එකක දාලා ගියපු පොඩි ළමයෙක්ව හිඟන මිනිස්සු අරන් හදා ගන්නවා. හිඟන්නො එයාට Il-young(Kim Go‑eun) කියලා නම තියනවා, පස්සෙ මේ කෙල්ලට අවුරුදු 10 ක් වුණාම අම්මා(Kim Hye-Soo) කියලා කියන ගෑණු කෙනෙක්ට මෙයාව විකුණනවා. මේ අම්මා කියන්නෙ සල්ලි පොළියට දෙනවා වගේම ශරීර අවයව විකුණන චයිනා ටව්න් වල(කොරියාවෙ) නම ගියපු අපරාධකාරියක්. මෙයා සල්ලි පොළියට දීලා ගෙවන්නෙ නැති අයව මරලා ඇඟේ කෑලි විකුණලා සල්ලි හොයන කෙනෙක්. මෙයා ළඟින් තියාගෙන ඉන්නෙ එයාට ප්‍රයෝජන අයව විතරයි. කවුරු හරි ප්‍රයෝජනයක් නැති වේගෙන එනවනම් මරලා අවයව විකුණනවා. ටිකක් දරුණුයි වගේ පෙනුනට කතාව බලන්න පුළුවන් හැමෝටම.
මේ අම්මා පොඩි අයව ලොකු කරලා එයාගෙ සංවිධානෙ තනතුරු දෙනවා. Il-young ට අවුරුදු 18 වෙනකොට අම්මගෙ විශ්වාසම දකුණු අත වෙනවා. එක දවසක්, Il-young ට වැඩක් දෙනවා. ණය ගත්තු කෙනෙක්ගෙ පුතෙක් වෙන Suk-hyun(Park Bo-Gum)ගෙ ළඟින් ඉන්න. දවස් කීපයකට පස්සෙ මෙයා කොල්ලට කැමැත්තක් දක්කවනවා. කෙල්ල දැකලා තිබුණෙ නැති සුන්දර ලෝකෙ මේ කොල්ලා නිසා පේන්න ගන්නවා. මෙයා අනිත් සාමාන්‍ය තරුණ ගෑණු ළමයින් දැකලා, මෙයාගෙ හිත Suk-hyun ට කැමති වෙනවා. ඒත් කොල්ලගෙ තාත්තා ණය ගෙවන් නැතුව පැනලා ගිය නිසා කොල්ලව මරන්න Il-young ට අණ කරනවා. ඒත් එයාට මේක කරන්න බෑ. එයා දැනගෙන හිටපු එකම පවුලෙන් පැනලා යන්න වෙනවා.
ඒත් මෙයාට පැනලා යන්න පුළුවන්ද?ඔයාලම බලන්න. බලලා කමෙන්ට් එකක් දාන්න. අනිත් අයටත් දැන ගන්න. තවත් උපසැරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට යන්නම්. ගිහින් එන්නම්. මම චාමල් කැලුම් අතපත්තු.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Coin.Locker.Girl.2015.DVDRip.450MB.Ganool
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
9 downloads