කොහොමද ඉතින්? මේ අරගෙන එන්නේ මේ අවුරුද්දේ ජනවාරි 29 වෙනිදා නිකුත් වුණු Brothers Of The Wind (2015) කියන සුපිරිම චිත්‍රපටයයි. මේ චිත්‍රපටය සම්මානයක් දිනාගන්නද සමත් වෙලා තියෙනවා. IMDb හි 6.9ක ලකුණු ප්‍රමාණයක් ගත්ත මෙය පැය 1යි මිනිත්තු 38ක් දිවෙන ඔස්ට්‍රියානු චිත්‍රපටයකි. මේ චිත්‍රපටයේදී Jean Reno (ඩෑන්සර්), Manuel Camacho (ලූකස්), Tobias Moretti (කෙලර්) සහ Eva Kuen (මරීයා) යන අය තම රංගනය සුපිරිම ලෙස ඉදිරිපත් කරනවා.
වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ. කාත් එක්කවත් වචනයක්වත් කතා නොකරන කොල්ලෙක් වන ලූකස් තමයි ප්‍රධාන චරිතය. රාජාලීන් ගැන දන්නවනෙ, හැමතිස්සෙම රාජාලින් පැටව් දෙන්නෙක් කාලයක් ගියාට පස්සේ සටන් කරනවා. දිනන්නේ ශක්තිවන්තයා. එයාට තමයි රජ වෙන්න ලැබෙන්නේ. අනිත් කෙනාව කූඩුවෙන් පන්නලාම දානව ශක්තිමත් කෙනා. මේ කතාවෙදිත් එහෙම සිද්ධ වෙනවා. දුර්වල වුණු සහෝදරයාව ලොකු සහෝදරයා කූඩුවෙන් එළවනවා. එතකොට රාජාලි මව සටනින් දිනපු ලොකු සහෝදරයව රජ වීමට පුහුණු කරනවා. ඔතනදී කතාව වෙනස් වෙනවා. ලූකස්ට හම්බ වෙනවා අර කූඩුවෙන් පන්නපු රාජාලි පැටියව එහෙම නැත්නම් පොඩි සහෝදරයව. ඉතින් මේ කොල්ලා මේ රාජාලි පැටියගෙ ජීවිතය බේරගන්න උත්සහ කරනවා.
අපෝ ඔය කිව්වා හොඳටම ඇති. තව කිව්වොත් කතාවේ බලන්න දෙයක් ඇත්තෙම නැති වෙනවා. මේ චිත්‍රපටයේදී ඔයාලට සුපිරිම ස්වභාවික දර්ශන ටිකක් දැකගන්න ලැබෙයි. මටත් කාලෙකින් බලන්න ලැබුණු නියම චිත්‍රපටයක් තමයි මේක. එහෙමනම් බලන්නකො ලූකස් කොලුවට ඒ රාජාලි පැටියගේ ජීවිතේ බේරගන්න ලැබෙයිද කියලා.
තවත් උපසිරසකින් හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
Brothers.Of.The.Wind.2015.720p.BluRay.x264-[YTS.AG]
332 downloads