ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු උපසිරසියක් අරගෙනයි ආවේ. ටිකක් ප්‍රමාදයි. සමාවෙන්න ඕන ඒ ගැන. ඒවගේම මම මේ උපසිරසියක් කරන්නෙත් ගොඩ කාලෙකට පස්සේ. ඇත්තටම උපසිරසි කරන්න දැන් වෙලාවක් හොයාගන්න අමාරුයි. ඒත් මේක කොහොමහරි දිගටම කරගෙන යන්න තමා හිතන් ඉන්නෙ. පලවෙනි සීසන් එකේ අන්තිමට වෙච්ච දේවල් කට්ටියට මතක නැත්තම් මම පොඩ්ඩක් කියන්නම්.
ස්නාර්ට් මිය ගියා. ඊට පස්සෙ ඔකිලස් එකත් විනාශ වුණා. ටයිම් මාස්ටර්ල විනාශ වුණා. ඒවගේම කණ්ඩායම වෙන් වෙනවා. නමුත් කණ්ඩායමට වැඩි කල් වෙන් වෙලා ඉන්න හම්බෙන්නේ නෑ. හැමෝම ආපහු එකතු වෙන්න උත්සහ කරනවා. කොහොමහරි කණ්ඩායමට පුළුවන් වෙනවා යානය නැවත තමන් ලඟට ගෙන්නාගෙන රිප් හන්ටර් එක්ක නැවත කණ්ඩායම හදාගන්න. හැබැයි අඩුවක් තියනවා. ඒ තමයි කේන්ඩ්‍රා කණ්ඩායමේ නැහැ. සියලු බලාපොරොත්තු අතෑරලා හිටපු කණ්ඩායම ආපහු අලුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ ඇය ඉන්න තැන හොයාගන්න හෝඩුවාවක් ලැබෙන නිසා. කොහොමින් හරි කණ්ඩායමේ එකමුතුවත් එක්ක වැන්ඩල් සැවේජ්ව මරන්න පුළුවන් වෙනවා. අවසානයේ එපිය අවසන් වෙන්නේ ලෝකය මහා විනාශයකින් ගලවගනීමත් සමඟ. හැබැයි ලෝකය බේරාගත්තත් රෙක්ස් ටයිලර් කියල කෙනෙක් ඇවිල්ල කණ්ඩායම හම්බෙලා අනතුරු ඇඟවීමක් කරනව. ඔතනින් තමා කතාව කිවර වෙන්නේ.
එතනට කණ්ඩාම යනකොට ඒ වෙනකොටත් ටයිම් මාස්ටර්ස්ලා සූදානමෙන් ඉදලා තියෙන්නෙ කණ්ඩායම පිළිගන්න. එතකොටම ආපහු ජෙෆර්සන් ජම්ප්ශිප් එකෙන් ආපහු ඇවිත් කණ්ඩායම බේරගන්නවා. ඔකිලස් එක විනාස කරන්න උත්සහ කරන අතරෙ ටයිම් මාස්‍ටර් ලගෙ හමුදාව පහරදෙනවා, මේ අතරෙ සැවේජ් යනවා රිප් ගෙ පවුලෙ අයව මරන්න. ඔකිලස් එක විනාස කරන්න යනකොට ඒකෙන් ෆේල්සේෆ් එකක් එනවා, ඔකිලස් එක විනාස කරන්න නම් ඒක එලියට එන්න නොදී අල්ලන් ඉන්න ඕනෙ, රිප් ට ඩෘස් පෙන්නපු විදියට රේ මැරෙන්නෙ මේකෙන්, රේ ට ඒක කරන්න නොදී මික් බාරගන්නවා. නමුත් අන්තිමේදී ඒක මික්ට කරන්න නොදී ස්නාර්ට් බාරගන්නවා.
එහෙනම් කණ්ඩායමට එන අලුත්ම සතුරන් කවුද? ජස්ටිස් සොසයිටියෙන් ආපු රෙක්ස් ටයිලර් කවුද? එහෙනම් දිගටම කතාව බලමු. ලබන සතියෙත් ඊළඟ එපින් හම්බෙමු. හැමෝටම ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
dcs.legends.of.tomorrow.201.hdtv-lol[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
864 downloads
<< Previous Season All Episodes Next Episode >>