Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dracula Prince Of Darkness (1966) with Sinhala Subtitles |ඩ්‍රැකියුලා –අන්ධකාරයේ කුමාරයා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Dracula-Prince of Darkness (1966)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ තුන් වන උපසිරැසිය අරගෙන ආවා. මම කලින් ඔයාලට ක්‍රිස්ටෝපර් ලි රඟපාන ඩ්‍රැකියුලා චිත්‍රපට තුනක් දීල තියනවා. ඒවා එකිනෙක සම්බන්ද කතා. ඒත් ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද තවත් ඩ්‍රැකියුලා කතා තියනවා. මේ එයින් එකක්. මේ චිත්‍රපටය Horror ගණයට අයිති වෙන IMDb අගය 6.7 වගේ ලොකු අගයක් ගත්ත චිත්‍රපටයක්. කලාත්මක චිත්‍රපට රසිකයන් ට මෙන්ම මේ වගේ හොල්මන් කතා කැමති අය මේ චිත්‍රපටයට හොඳටම කැමති වේවි.

කතාව ගැන කෙටියෙන් කියනවා නම් මේක පටන් ගන්නේ ඩ්‍රැකියුලා විනාශ කරලා අවුරුදු දහයක කාලයක් ගතවීමෙන් පස්සේ වෙන සිදුවීමක් විදියට. නැගෙනගිර යුරෝපයේ සංචාරය කරන අයට කාර්ල්ස්බෙඩ් ප්‍රදේශයේ සංචාරය කරන්න එපා කියන අවවාදය නොසලකා සංචාරයකින් පිරිසක් ඒ ප්‍රදේශය යනවා. ඒ ප්‍රදේශයේ තමා ඩ්‍රැකියුලාගේ මාලිගය තියෙන්නේ. ඉතින් අතරමගදී යන අශ්ව රථයෙන් රියදුරා පැනල යනවා බයට. කොහොම හරි එයාල යනවා නවාතැන් ගන්න පරණ මාලිගාවකට. ඒ මාලිගය ඩ්‍රැකියුලාට අයිති එකක්. ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ කියල අමුතුවෙන් කියන්න ඕන නැතත් ඔයාලට මේ චිත්‍රපටය බලලම අදහසක් ගන්න කියල කියනවා.

මේ චිත්‍රපටය ඔයාලට කැමති ආකාරයකට බාගත කර ගන්න. මම සියලුම ටොරන්ට් සහ අන්තර්ජාල පිටපත් වලට සුදුසු විදියට මේ උපසිරැසිය සකස් කරලා තියනවා. මම ඊළඟට දෙන්නේ මේ ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවේම තවත් එකක්. ඉතින් එකත් අරගෙන ඉක්මනට එන්න බලන්නම්. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් සහ යෝජනා මට කියන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම්.

බුදු සරණයි…..!

Dracula Prince Of Darkness (1966) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dracula.Prince.Of.Darkness.1966.BRRip.XviD.MP3-RARBG
Dracula Prince Of Darkness 1966 720p
Dracula Prince Of Darkness 1966

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>