Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Halloween: Resurrection (2002) with sinhala subtitles |මළවුන්ගේ නැගිටීම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Halloween 8- Resurrection (2002)

මෙන්න හොලෝවීන් අටවැන්න. ලෝරිත් දැනගෙන ඉන්න ඇතිනෙ මයිකල් ලේසියෙන් මරන්න බැරිබව. ඒ නිසා තමා හිස කඳින් වෙන් කරන්න තීරණය කරන්නෙ. ඒත් එතනින් පස්සෙ ලෝරිට වෙන්නෙ අධි ආරක්ෂාවක් යටතේ මානසික රෝහලක නවතින්න. මොකද මේ මයිකල් කියල හිතාන වෙන් කරල තියෙන්නෙ එතනට ආව පොලිස් නිළධාරියෙකුගෙ හිසක්.

කිහිපවතාවක් හෝහලෙන් පැනයන්න උත්සහ කලත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. නමුත් මයිකල්ම ඇයව සොයාගෙන එනව. ලෝරි කොච්චර උත්සහ කලත් මයිකල්ව ඉවරයක් කරන්න, පුංචි අත් වැරැද්දකින් මයිකල් ජය ගන්නව. ලෝරි මියයනව. දැන් මයිකල් පරම්පරාවෙ ඉතුරු මයිකල් විතරයි.

මේ අතරෙ අන්තර්ජාල වීඩියෝ නිශ්පාදකයෙක් වෙච්ච ෆ්රෙඩී තරුණ තරුණියො හයදෙනෙක් සූදානම් කරවනව මයිකල්ගෙ ගෙදරට යන්න, මයිකල්ට මෙහෙම වෙන්න යම් හේතුවක් තියෙනවද කියන එක ගැන් හොයන්න. ඒත් මෙයාල මේක සම්බන්ද වෙන්නෙ ජනප්‍රියත්වය වෙනුවෙන්. මේ ගේ ඇතුලෙ කිසිම දෙයක් වෙනස් කරල නෑ කිව්වට මේ වැඩසටහන සජීවීව විකාශය වෙන නිසා කුතුහලය වැඩි කරන්න ෆ්රෙඩී සෑහෙන දේවල් කරල තියෙන්නෙ.

ඒත් අවාසනාවට කවුරුත් දන්නෙ නෑ මේ ගේ ඇතුලෙම ඊට යටින් මයිකල් අවුරුදු ගානක් තිස්සෙ හැංගිලා හිටිය කියල, ඒ වගේම තවමත් ඉන්නව කියල. ලෝරිව මරල දාල මයිකල් කෙලින්ම එන්නෙ මෙතනට. මේ ගේ ඇතුලෙ තියෙන සමහර දේවල් බොරුය කියල දැනගත්ත  නිසා  නියම මයිකල් එයාල ඉස්සටහට ආවත් ගනං ගන්නෙ නෑ. ඒඑත් ඇත්ත තේරෙනකොට වැඩේ වෙලා ඉවරයි. අන්තිමේදි ගේත් ගිනි තියල මයිකල්ටක් ගිනිතියනව. අවසාන රූප රාමුවෙන්නම් කියන්නෙ ඒකෙනුත් මයිකල් මැරුනෙ නෑ කියල.

තව චිත්‍රපට දෙකක් තියෙනව ඒත් ඒ දෙකම හොලෝවීන් පලමු චිත්‍රපට දෙකේම සුලු වෙනස්කම් සහිතව නැවත නිශ්පාදනයක්. ඒ නිසා ඒ දෙක සබ් කරන එක අතඇරල දැම්ම. අනික ඒ දෙක පරිවර්තනය කෙරුවොත් වැඩි හරිය ඉතිං ශුද්ධ සිංහල. මිශ්‍ර සිංහල දන්න අයට ආයෙ මොකටද ශුද්ධ සිංහල නේද. අපි අලුත් එකකින් ආයෙ හම්බවෙමු.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extra torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි.

Halloween (1978) | ශාපයක ඇරඹුම

Halloween II (1981) | අවසානයක ඇරඹුම

Halloween III: Season of the Witch (1982) | ව්‍යසනයක් හා විහිළුවක්

Halloween 4: The Return of Michael Myers (1988) | ශාපයේ දෙවන අදියර

Halloween V (1989) | ජේමිගේ වියරුව

Halloween: The Curse of Michael Myers (1995) | ජේමිගේ ඉරණම

Halloween H20: 20 Years Later (1998) | විසිවසකට පසු

Halloween: Resurrection (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>