පහුගිය කොටසේ දකින්න ඇතිනේ හෙනම දුක හිතෙන සිද්දියක් වුණා. කොටන්මවුත්ගේ දෙන්නා ඇවිල්ලා පොප්ගේ සැලුන් එකට වෙඩිතියලා සල්ලි අරගෙන ගියා. ඒකෙන් සැලුන් එකේ වැඩ කරපු කෙනා වගේම පොප් මැරුණා. හැබැයි කොටන්මවුත් ඒ දෙන්නට නියම කරලා තිබුණේ නෑ පොප්ට තියා කාටවත් වෙඩිතියලා මරන්න කියලා. ලූක් සැලුන් එකේ හිටිය පොඩි එකාව බේරගත්තා විතරයි. වෙඩි වැදුනත් මලා වගේ ඉන්න එකයි ලූක්ට කරන්න වුණේ. මොකද ලූක් කේජ් කියන්නේ කවුද කියලා තාම කවුරුවත් දන්නේ නෑ. මිස්ටි නයිට් කියන පරීක්ෂකවරිය නම් යන්තම් දුරට පුදුමයට පත්වෙලා ඉන්නේ. මොකද එයාට ලොකු ප්‍රශ්ණයක් මතුවුණා වෙඩිවැදිලත් ඇයි එයාට තුවාල නොවුනේ කියලා. මේ වුන දේ නිසා ලූක් නම් ගොඩක් ලොකු තරහකින් හිටියේ. අද කොටසට හැරෙමු එහෙනම්.
පොප්ගේ මතකයත් එක්ක සැලුන් එක වහලා දාන්න ලූක්ට වගේම පොප්ගේ යාලුවටත් හිතක් නෑ. මොකද එයාගේ මරණය ගැන තාම හා(ර්)ලම්වල ජනතාව දැනගත්තට නොදන්න අයත් ඇති. මොකද මේ ගැන බැංකු වලින් දැනගත්තොත් සැලුන් එක එයාලගේ අතට පත්වෙනවා. ඒ මොකද කියනවනම් සැලුන් එක කරගෙන යන්න මුදලක් වැයවෙනවා. ඒ මුදල හොයාගන්න එක තමයි ලූක්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මෙයා ඒකට චිකෝගෙන් කොටන්මවුත්ගේ රහසිගත ගෙවල් තියෙන තැන් හොයාගෙන ඒවාවල ඉන්න ආරක්ෂකයන්ට ගහලා හැමදේම පොලිසියට අනාවරණය වෙන්න තියලා යනවා. ලූක් සතපහක්වත් අරගන්නේ නම් නෑ. නමුත් අන්තිමට ලූක් ඉලක්ක කරන්නේ කොටන්මවුත්ගේ ප්‍රධාන පරිශ්‍රය. ඒකට කියන්නේ නොක්ස් බලකොටුව කියලා. ඒකට රිංගලා හැමෝටම ගහලා එයා සල්ලි වගයක් අරගන්නවා. හැබැයි කිසි කෙනෙක් මරන්නේ නම් නෑ. මේ වෙච්ච දේට කොටන්මවුත් අම්බානක මල පැනලා ඉන්නේ. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.
ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent link.
උපසිරැසි ගොනුවේ පහත උපසිරැසි පිටපත් අඩංගු වේ.
Marvels.Luke.Cage.S01E03.WEBRip.x264-FS
Marvels Luke Cage – 01×03 – Whos Gonna Take the Weight_.SKGTV.English.HI.C.edit.Addic7ed.com
77 downloads