Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Gotham [S03 : E05] with Sinhala Subtitles |බලය උදෙසා ද්‍රෝහි වීම [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Gotham S3-1

නගරාධිපහිවරණය දිනපු පෙන්ගුයින් අද ඔන්න ඒක සමරනවා. දැන් පෙන්ගුයින්ගෙ විශ්වාසවන්තම යාළුවා වෙන්නෙ නිග්මා. අද ඉතින් පෙන්ගුයින්ට නොසිතූ වෙලාවක රතු හිස් වැසුම් එහෙමත් නැත්නම් රෙඩ් හුඩ් කණ්ඩායමෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. රතු හිස් වැසුම්??? ඒ කියන්නෙ… අනේ මංදා, පොඩ්ඩක් ඔයාලම බලන්නකො ඔයාල හිතන දේද කියල. අද නිග්මට ගහලා පොල්ල වරද්ද ගත්තද මන්දා කියලත් හිතෙනවා තොම්ප්කින්ස් ගැන බලද්දි. මොනා වුණත් නිග්මට වදින පාර නම් ආයෙ සුපිරි පාරක්. හිතන්න අමාරුයි නිග්මා ඒ පාර මිට මොළවලා වැදිච්ච පාරක් වුණත් නිකන් ඔහේ අතෑරලා දායි කියලා.

බෲස් දැන් ඉතින් බෲස් වේන් ජීවිතේට හුරු වෙනගමන් ඉන්නෙ. ෆයිව්ගෙ සීන් එකෙන් පස්සෙ කොල්ලා සෙලීනගෙ ලව් එක ගැන ( යටි හිතෙන් කිස් එක ගැන වෙන්න ඕනා) හිතනවා. අද ජිම්ට වැඩේ බාර දෙන්නෙ බෲස්. ඒ අයිවිව හොයන්න කියන වැඩේ. සෙලීනා වෙනුවෙනුයි මේක කරන්නෙ. එතෙන්දි තමා ඉතින් ජිම් බෲස්ට උපදෙස් දෙන්නෙ ඕන මගුලක් කියලා ඕක හිතේ තියාගෙන දුක් විඳින්නෙ නැතුව කෙල්ල ඉස්සරහා කියලා දාන්න කියලා. කොල්ලත් ඉතින් කියලා දානවා. ඊට පස්සෙ මොනා වෙයිද? කොල්ලත් දැන් ටික ටික බැටා වගේ නිරීක්‍ෂණ හැකියාව වැඩි කරගෙන එනවා කියන එක අද ගෝඩ්න් එක්ක කතා බහ යන තැනදී තේරුම් ගන්න පුළුවන්.. බාර්න්ස් එහෙමත් ඔන්න දැන් වෙනස් වේගෙන එනවා. මතක ඇතිනෙ අන්තිමට බාර්න්ස්ට වුන දේ එදා…

එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E05.HDTV.x264-LOL

Gotham.S03E05.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E05.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                      Next Episode>>

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles