අග බිසවගෙ අණෙන් අතුරුදහන් වුණ ඒශිම් වෙනුවට, තවත් කෙනෙක් අවසාන නර්ථනය ඉදිරිපත් කළා කියලා මතක ඇතිනේ. ඒ ඉතින් වෙන කවුරුත් නෙමේ අපේ පාලක සැම්නොම්නෙ. කුමාරයට මේ කෙනාව දැක්ක වෙලේ ඉඳලා එයාව හොයාගන්න ඕනෙ වෙනවා. නර්තනයෙන් පස්සෙ එයාව හැමතැනම හොයනවා නමුත් හොයාගන්ඩ බැරි වෙනවා. ඒත් කුමාරයට සැකයක් තියෙනවා ඒ සැම්නොම්ද කියලා. මොකද එයා කිව්වනෙ එකවරක් දැක්කත් නැටුමක හැම පියවරක්ම එයාට මතකයි කියලා. ඒත් අන්තිමට ඒක අහු වෙන්නෙ නැහැ මොකද යූන් සොන්ග්ගෙ උදව්වෙන් එයා කොහොමහරි පාලකවරයෙක් වගේම ඇඳගෙන කුමර මැදුරට වෙලා ඉන්න නිසා. නමුත් කුමාරයට නම් හිතෙන්නෙ ඒ සැම්නොම්ම තමයි කියලා.
ඒ අතරෙ ක්වින්ග් තානාපති අවසාන නර්ථනය ඉදිරිපත් කළ කෙනා ගැන හිතක් ඇති කරගෙන ඉන්නවා. මතකනේ සැම්නොම් නර්තන ඇඳුම් අඳිනවා කෙනෙක් බලාගෙන හිටියා කියලා. ඒ තමයි පාලක මා. එයා මේ ගැන තානාපතිට කියලා, ඒ කෙනාව ගෙනැත් දෙන්ඩ පොරොන්දු වෙනවා.
මේ පාර නම් සෑහෙන කළබල ඇතිවෙනවා. ඒ විතරක් නෙමෙයි දූතයා සැම්නොම්ව ක්වින්ග් දේශයට ගෙනියන්ඩ තමයි හදන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
Moonlight.Drawn.By.Clouds.E05.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
433 downloads
<<Previous Episode All Episodes Next Episode>>