Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Sausage Party (2016) with Sinhala Subtitles |කෑම කන්නේ බලාගෙනයි! (18+) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Sausage Party (2016)

මේ වසරේ නිකුත්වුන සුපිරිම ඇනිමේෂන් කොමඩියක් තමා මෙවර අරගෙන ආවේ! ආ…ඒවගේම කියන්න ඕනේ, මේක කලින් බාර අරගෙන තිබුනේ පූර්ණි අක්කා. කොහොමහරි පූර්ණි අක්කට කරන්න වෙලාවක් ලැබිලා නැති නිසා අන්තිමට මේක මටම ලැබුනා.:-) (මං මේකට කෙල හලපු හැලිල්ලටමද කොහෙද මේක මටම කැරකිලා ආවේ). කොහොමවුනත්, ඇඩ්මින් මඩුල්ලට ස්තූතිවන්ත වෙනවා මේක මට බාරදීම සම්බන්දයෙන්. වැඩි ප්‍රමාදයක් වුනේ නෑ කියලා හිතෙනවා.:-) මොකද ඇඩ්මින් මඩුල්ලේ දැඩි බලපෑම් මැද මේක ඉක්මනටම අරන් ආවා! 🙂 හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.

අගෝස්තු 12වෙනිදා තමා කතාව නිකුත්වුනේ. අයිතිවෙන්නේ Animation, Adventure, Comedy යන කාණ්ඩයන්ට. Imdb අගය 6.7යි. හඩකැවීමෙන්, Seth Rogen, Kristen Wiig, Jonah Hill, James Francoවගේ සුපිරි සෙට් එකක් දායක වෙනවා. කතාව ගැන කෙටියෙන් හදුන්වන්නම්. කතාව මෙහෙමයි, වෙළදසැලක් ඇතුලේ තමයි කතාව පටන්ගන්නේ, කතාවේ විදියට මේ ලෝකයේ තියෙන හැම කෑමකටම වගේම හැම භාණ්ඩයකටම පන තියෙනවා. හැබැයි මිනිස්සුන්ට මේක පේන්නේ නෑ. ඉතින් මං කලින් කියපු වෙලදසැලේ ඉන්න කෑම වල එකම ආසාව තමයි වෙළදසැලෙන් එලියට යන එක. මොකද එයාලා හිතන්නේ වෙලදසැලෙන් එලියේ එයාලට හැමදාටම නිදහසේ ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ හැමෝගෙම බලාපොරොත්තුව වෙලදසැලෙන් එලියට යන එක. ඒවගේම මෙයාලා මිනිස්සුන්ට කියන්නේ දෙවියන් කියලා. මොකද මිනිස්සුනේ මෙයාලව වෙලදසැලෙන් එලියට අරගෙන යන්නේ. මෙයාලා හිතාගෙන ඉන්නේ මිනිස්සු මෙයාලව අරගෙන ගිහින් රැකබලා ගන්නවා කියලා. හැබැයි ඉතින් ඇත්ත
වැඩේ ඒක නෙමෙයිනේ. මිනිස්සු කෑම අරන් යන්නේ කන්න මිසක් බල බල ඉන්න නෙමෙයිනේ. ඉතින් මෙයාලා මේක දැනගත්තම මොනවා වෙයිද? කියන එක ඇතුළුව තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන් චිත්‍රපටිය නරඹලාම. එහෙනම් හැමෝටම චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරනවා! තවත් උපසිරැසියකින් හමුවෙනතුරු දැනට නවතිනවා!
හැමෝටම ජයවේවා!!

ආ….ඒවගේම කියන්න ඕනේ මේක ඇනිමේෂන් චිත්‍රපටියක් වුනත් ගොඩක්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු කතා තේමාවකින් තමයි යන්නේ. භාෂාව, රූපරාමු වගේම තේමාව වැඩිහිටියන්ට පමණක් තමා සුදුසුවෙන්නේ. ඒ නිසා මේක ඇනිමේෂන් එකක් වුනාට ලමයින්ට සුදුසු චිත්‍රපටියක් එහෙම නෙමේ. ඒ නිසා මේක 18+ කාණ්ඩයට තමයි අයිතිවෙන්නේ.:-).

Sausage Party (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sausage.Party.2016.BDRip.x264-GECKOS

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>