“හටාරි” ත්‍රාසජනක මෙන්ම විනෝදාත්මක සිනමා පටියකි. සත්වෝද්‍යාන සඳහා වන සතුන් ඇල්ලීමේ අතීශය අනතුරුදායක වූත්, එහෙත් ඉතා ලාභදායි, එමෙන්ම ඉතා සිත් ඇදගන්නා සුලුවූත් වෟතීයක නියැලෙන කණ්ඩායමක ක්‍රියාකාරීකම් ඇතුලත් ඉතා ජනප්‍රිය වූ සිනමාපටියකි,
“හටාරි” යනු ස්වාහීලී නම් අප්‍රිකානු භාෂාවෙන් “අනතුරුදායක” යන අරුත ගෙන දෙන්නකි. ඉතා කුඩා කල පාසල මගින් අපව ගෙන ගොස් කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදී නැරඹීමට සැලැස්වූ මෙම සිනමා පටයේ, ත්‍රාසජනක දර්ශන මෙන්ම, මෙයට ඇතුලත් දැනටත් ලොවපුරා ජනප්‍රිය “Baby elephant walk”නම් වූ සංගීත කණ්ඩයද අදටත් මතකයෙන් ගිලිහී නොයන්නකි.
මෙය ලමුන් සඳහා විශේෂයෙන් නිර්මාණය වූවක් නොවේ. ලමා වැඩිහිටි සැමට එකසේ නැරඹිය හැකි ලෙස නිපදවා ඇති මෙය, එවකට සිටි සිනමාලෝලීන් නොවරදවා නැරඹු සිනමා පටියකි. IMDB 7.2 ක අගයක් ලබා ඇති මෙය, එම වර්ෂයේ වැඩිම ආධායම ලැබූ සිනමා පට අතරටද එක් උනා. සිනමා පටයේ පසුබිම ගැන විස්තරයක් කරන්නම්. මෙහි අධ්‍යක්ෂක වරයා අප්‍රිකාවේ සතුන් අල්ලන්නන් ගැන සිනමාපටයක් නිර්මානය කිරීමට අදහස් කලත් සුදුසු තිර රචනයක් හෝ කථා පිටපතක් හමු නොවින. එබැවින් පලමුව නළු නිළියන් සමග අප්‍රිකාවට ගොස් වන සතුන් ඇල්ලීම හා ඒ හා සම්බන්ධ දර්ශන රූ ගත කර ගෙන ඉන්පසු එම දර්ශන ඇතුලත් කරගෙන කථාව නිර්මානය කර ගෙන තිබෙනවා.
අරූෂා නම් වූ අප්‍රිකානු නගරය මධ්‍යස්ථානය කරගෙන,”ෂෝන්” (අතිදක්ෂ ජනප්‍රිය ක්‍රියාදාම නළුවෙක් වූ John Wayne ) නම් වූ නායකයකු යටතේ සෆාරි චාරිකා ප්‍රවීණයකු වන “ඉන්ඩියන්”, මැක්සිකන් ගොන් පොර ක්‍රීඩකයකු වන “ලුවිස්” (වෟතීමය ගොන් පොර ක්‍රීඩකයකු වන Valantin Girardon), ඇමරිකානු කුලී රථ රියැදුරෙකු වන “පොකට්” ( විකට නළු Red Button ), ජර්මන් රේසිං රථ ධාවකයකු වන “කර්ට්”, සමග (මෙම කණ්ඩායම මුල් කාලයේදී රයිනෝ සතෙකු ඇල්වීමට යාමේදී මියගිය සාමාජිකයකුගේ දියනිය) “බ්‍රැන්ඩි” තරුණියද ඇතුලත්ව මෙම කණ්ඩායම ගොඩ නැඟී ඇත. පසුව වෟතීය වන සත්ව ඡායාරූප ශිල්පිනියක්ද, වෙඩික්කරුවෙකුද මෙම කණ්ඩායමට සම්බන්ධ වේ.
මෙහි වන සතුන් අල්ලා ගැනීමේ දර්ශන සඳහා යොදා ගෙන ඇත්තේ පුහුණු කල සතුන් නොව, සත්‍ය ලෙසම වල් සතුන්ය. අල්ලා ගැනීමේ අවස්ථාවන්ද සත්‍යම අවස්තාවන් වේ. විශේෂත්වය වන්නේ, ස්ටන්ට්මන් හෝ ආදේශක නළුවන් යොදා නොගෙන, ප්‍රධාන නළු නිළියන්ටම එම අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වීමයි. සිදුවන ට්‍රක් රථ අනතුරුද සත්‍ය සිදුවීම් වන අතර පසුව සුදුසු පරිදි එක් කර ගෙන ඇත.
ආදරය, හාස්‍ය, ත්‍රාසය, මිනිසුන් අතර ඝට්ටන මෙන්ම ලෙන්ගතුකම්ද කැටිකොටනිමැවී ඇති මෙම අගනා සිනමා පටය නරඹා, මෙම උප සිරැසිය ගැන ඔබේ අදහස් දක්වන්නේ නම් ස්තූතිවන්ත වෙමි. මෙයට පෙර මා ලබාදුන් උපසිරැසි සඳහා අදහස් දැක්වූ සැමටත් ස්තූති කරමි. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
Hatari!.1962.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2 downloads