සුපුරුදු යසිරු සහෝ නම් නෙමෙයි අද කතාව ගේන්නේ. එයාට මේ සතියේ කතාව කරන්න බැරි වුනු නිසා මේ සතියට විතරක් මම බාරගත්තා. ලබන සතියේ ඉඳන් එයා කතාව සුපුරුදු පරිදි කරගෙන යාවි.
පසුගිය කතාව ගැන වැඩි විස්තරයක් කියන්න දෙයක් නෑ. හැමෝම කතාව බලලා තමයි ඇත්තේ. කොහොම නමුත් අද කතාව ගැන පොඩි විස්තරයක් කරන්නයි මගේ මේ සූදානම. ලුසිෆර්ගේ අම්මාට පසුගිය සතියේ අවසානයේදීම බලය ලැබුණා කියලා දකින්න ලැබෙන්න ඇති. ඉතිං මේ බලය ලැබුණට පස්සේ එයා ඒ බලයෙන් මොනවා කරාවිද කියලා තමයි අපිට තියෙන ප්‍රශ්ණේ. ඉතිං ලුසිෆර්‘ගේ තාත්තා (දෙවියෝ) දරුවොන්ගේ අම්මට දුන්නු දඬුවම තමයි අපායේ හිර කරලා තියන එක. ක්ලොයී‘ගේ ජීවිතේ බේරගන්න කියලා තාත්තා එක්ක ගණුදෙනුවකට ආවට පස්සේ තමයි අම්මා අපායෙන් පැනගෙන කියලා මීටර් වුනේ. පස්සෙන් පහු තාත්තා එක්ක තිබුණු එකඟතාවය වුනේ අම්මට දඬුවම් කිරීම නිසා, එයා තමුන්ගේ අම්මට මනුස්ස ලෝකේම තමුන් අත්පත් කරගත්තු ශරීර කූඩුව අයිති පවුලටම වෙලා සාමාන්‍ය මනුස්සයෙක් විදියට අකමැත්තෙන් වුනත් ජීවත් වෙන්න කියලා නියම කරනවා.
මේ සිද්ධිය අතරේ අද කැලේක ඉඳලා කෙල්ලෙක් මැරිලා ඉඳලා අහුවෙනවා. මේ පිලිබඳ කරන පරීක්ශණයත් එක්ක තමයි, මේ සුරදූත ප්‍රශ්ණ, පවුල් ප්‍රශ්ණ සහ තව තව ප්‍රශ්ණ ගැන කතාව දිග හැරෙන්නේ. වෙනදා වගේම විනෝදෙන්, ත්‍රාසයෙන් කතාව හොඳට ගලාගෙන යනවා.
එහෙනං හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා. මීලඟ සතියේ කතාවෙන් යසිරු සහෝ ඔබව හමුවේවි.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E03.HDTV.x264-LOL[ettv]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
799 downloads
<<Previous Episode All Episodes Next Episode>>