Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Finding Dory (2016) with Sinhala Subtitles |ඩෝරිට මතක් වෙන්න අරං… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Finding Dory (2016)

හොඳයි එහෙනම් ඔන්න කාලෙකට පස්සේ ඇනිමේෂන් එකක් ලැබුනා  උපසිරසක් කරන්න. ලැබුනා කියනවට වඩා පොරකාල ගත්තා  කිව්වා නම් නිවැරදි. මේ චිත්‍රපටය පික්සාර් සහ වෝල්ට් ඩිස්නි සමාගම් වල ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයක්. කතාව කවුරුත් නොදන්නවා වෙන්න  බැහැ. මේ ත්‍රිමාණ චිත්‍රපටය මිට  වසර 13 කට කලින් තිරගත උන තවත් චිත්‍රපටයක දෙවැන්න. ඒ තමයි Finding Nemo (2003). ඒ දවස් වල  මේ කතාව බලපු අය දැන් වැඩිහිටියෝ. දැන් එයාලගේ ළමයි එක්ක තමා මේ චිත්‍රපටයේ  දෙවැන්න බලන්න වෙන්නේ. අවුරුදුම 13ක් නිසා බලපු නොබලපු හැමෝටම කලින් කතාව ගැන ටිකක් කියන්නම්. කලින් වතාවේදී සිද්ධ උනේ නිමෝ කියන මාළු පැටියාව එයාගේ තාත්තා එහෙම නැත්තන් මර්ලින් විසින් බේරගන්න කරන මෙහෙයුමක් ගැන. නිමෝ මුහුද මතුපිටට පිහිනල ආපු වෙලේක එයාව කිමිදුම් කරුවෙක් අල්ලගෙන ගිහින් සුරතල් මසුන් ඉන්න ටැංකියකට දානවා. ඉතින් මර්ලින් පුතාව බේරගන්න යන ගමනේදී අපුරු මිතුරියක් මුණ ගැහුනා. ඒ තමයි ඩෝරි. හිත හොඳ උනාට පොඩි අවුලක් තියෙනවා. මේ කියන දේ මේ මතක නැහැ. එයාට පොඩි කාලේ ඉඳන් කෙටි කාලින මතකය නැති වීමේ ලෙඩක් තියෙනවා. ඉතින් ඒ වගේ පිස්සු මිත්‍රයෙක්  එක්ක තමා මේ ජිවිතේ කවදාවත් නොගිය ගමනක්  ගිහිල්ල  පුතාව බේරාගෙන ආවේ.

එදා මේ චරිත වලට හඬ කවපු අය මර්ලින් වෙනුවෙන් Albert Brooks, නිමෝ වෙනුවෙන් Alexander Gould සහ ඩෝරි වෙනුවෙන් හැමෝම අඳුනන Ellen DeGeneres තමයි හඬ දායකත්වය සැපයුවේ. එලන් ගැන නම් හැමෝම දන්නවා ඇති ලෝක ප්‍රසිද්ධ Ellen Show එක කරන්නේ ඇය තමයි. ඒ වගේම මේ චිත්‍රපටයට තවමත් IMDb දර්ශකයේ 8.2 වගේ ඉහල ඇගයුමක් වගේම ලෝකයේ හොඳම චිත්‍රපට 250 තුල 162 වෙනි ස්ථානයටත් හිමිකම් කියල තියෙනවා. ඒ වගේම ඔස්කාර් සම්මානයක් පවා නිමෝ චිත්‍රපටයට හිමි උනා. මිලියන 94ක් වැය කර නිමවුන ඒ චිත්‍රපටයට ලැබුන සමස්ත ආදායම ඩොලර් මිලියන 936.7ක්.

අලුත් චිත්‍රපටයට වැය වුන මුදල ඩොලර් මිලියන 200ක් ඒ වගේම දැනට එහි වාර්තාගත ආදායම ඩොලර් මිලියන 1,017.70ක්. ඒ වගේම 2016 තිරගත වූ ලොකු ලොකු කොමික් නිර්මාණ සියල්ලක්ම පරදවලා ඇමෙරිකාවේ වැඩිම ආදායම ඩෝරිගේ චිත්‍රපටයට හිමිවෙලා තියෙනවා. ඇමෙරිකාව තුල පමණක් ඩොලර් මිලියන 485.5ක් උපයාගෙන කැප්ටන්ලගේ වීරක්‍රියා වලට ලැබුන ආදායම දෙකේ කොලේට ඇද දමන්න සමත්වෙලා තියෙනවා. දැනට ලෝකයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලැයිස්තුවේ 26 වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. ඇනිමේෂන් චිත්‍රපටයක් විදිහට ගත්තම ලොකු සාර්ථකත්වයක් ලබලා තියෙනවා. ඒ වගේම නිමෝට ඇරෙන්න සෙසු චරිත වලට හඬ කවන්නේ එකම පිරිසක්. තවත් කියනවා නම් දැනටමත් සම්මාන දෙකකුත් හිමිකරගෙන තියෙනවා. මේ චිත්‍රපටය තිරගත වෙන්න ගත්තම ඩොරි වගේ මාළුන්ට හොඳ ඉල්ලුමක් ලැබිලා අන්තිමට නිෂ්පාදකයන්ට ප්‍රේක්ෂකයන්ට නිවේදන නිකුත් කරන්න උනා ඩොරි බලන්න එත් ඩොරිලව අයිතිකරගන්න එපා කියල. Blue Tang (Paracanthurus hepatus) වර්ගයේ මත්සයන්ට තමා එහෙම නරක කල දසාවක් ඇති උනේ 😀

හරි දැන් කියන්නම් මේ චිත්‍රපටය ගැන. මර්ලින් ඩෝරි එක්ක එකතු වෙලා කොහොමහරි පුතාව හොයාගෙන ආයේ ගෙදරට ආවනේ. ඩෝරිට අමුතු වැඩක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හැමෝම දන්නවනේ මෙයාට කියන දේ මතක නැති වෙන ලෙඩක් තියෙනවයි කියල. අඩු තරමේ එයාගේ අතිතයවත් එයාට මතක නැහැනේ. මෙයාට හදිසියේම එයාගේ අතීතයේ දේවල් ටික ටික මතක් වෙන්න ගන්නවා. එයාගේ අම්මල එක්ක හිටපු කාලේ කරපු දේවල් සේරම ටික ටික මතක් වෙන්න ගන්නවා. ඉතින් එයා තීරණය කරනවා දෙමව්පියෝ හොයාගෙන යන්න. ඉතින් ඩෝරිට දෙයක් හිතුනොත් එයා ඒක කරලම තමා පස්ස බලන්නේ. ඩෝරිට තියෙන ලෙඩෙත් එක්ක මේ වගේ ගමනක් ගියාම මොකෝ වෙන්නේ කියල හිතා ගන්න පුළුවන් නේ. කතාවේ නමේ හැටියට ඩෝරිට මර්ලින් සහ නිමොගෙන් වෙන් වෙන්න වෙනවා. දැන් ඩෝරි එයාගේ අම්මල හොයනවා නිමෝ මර්ලින් දෙන්න එකතු වෙලා ඩෝරිව හොයනවා. මේ ගමනේදී හැමෝටම අලුත් මිත්‍රයෝ මුණ ගැහෙනවා ඒ වගේම හරිම විනෝදමත් කතාවක්. හැමෝම බලන්න කියල කියන ගමන් ගිහින් එන්නම්. මේ වෙනුවෙන් උදවු කරපු විමාටත් ස්තුති! හැමෝටම ජයවේවා !!

Finding Dory (2016) on IMDb

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

Finding.Dory.2016.HDRip.XviD.AC3-EVO

Finding.Dory.2016.720p.WEB-DL.X264.AC3-EVO

සියලුම HD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>