කොහොමද කස්ටිය ඉතින්. හුඟ කාලෙකින් තමා අපි මේ ආයෙත් මුන ගැහුනේ. පහුගිය දවස් වල ගොඩක්ම කාර්යයබහුල උනා යාළුවනේ.හැමෝම අළුත් ෆිල්ම් වලට සබ් දෙන්න පොර කන අතරේ අපි ඉතින් තැපෑලේ පරන එහෙකට සබක් දාලා සතුටු වෙනවා. එහෙම කියලා අව්ල් ගන්න එපා හොඳේ. ඊළගට කොහෙම හරි ට්‍රයි කරලා අළුත් ෆිල්මුවක් කරන්නම්. මේ පාර මන් අරන් ආවේ 1986 ආපු ටිකක් පරණ ෆිල්ම් එකක්. මන් මේකට සබ් එක කරන්න ප්‍රධාන හේතුව උනේ මේ කතාවේ ඉන්න බිගල්ස් කියන චරිතයයි. බිගල්ස් වටා ගෙතුනු කතා පොත් ගොඩක් මම පොඩි කාලේ කියවලා තියෙනවා. ඉතින් ඒ කතා වලින් වින්ද රස නම් ෆිල්ම් එකේ නෑ. නමුත් බිගල්ස් චරිතයට ආදරේ කරන නිසා මේකට සබ් එක කරා හොදේ. පරණයි කියලා බනින්නැතුව හිටියොත් ඇති හොඳේ.
බිගල්ස් කියන්නේ ගුවන් නැවියෙක්. ඔහු තම රට වෙනුවෙන් විශේෂ සේවයක් කරන නිළධාරියෙක්. ඔහුගේ කථාවේ අනෙකුත් චරිත ලෙස ඇල්ගී. ජින්ජර්. බර්ටි කියන ඔහුගේ ප්‍රධාන මිතුරන් ටික දෙනා අපිට මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන්. ඔවුන්ගේ වික්‍රමයන් තමා මේ ෆිල්ම් එකේ ඇතුලත් වෙන්නේ. අතීතය හා අනාගතය ගැන කෙරෙන ගනුදෙනුවක් කිව්වොත් හරි. මේ ෆිල්ම් එක IMDb අගය 5.8ක් ලබාගෙන තියෙනවා. මේකේ ඩිරෙක්ටර් වෙන්නේ John Hough මහත්තයායි. මේකේ නළු ගැන්සිය ගැන කිව්වොත් Neil Dickson, Alex Hyde-White, Fiona Hutchison කියන අයයි. විශේෂයෙන්ම කියන්න ඕන බිගල්ස්ගේ හැම කතාවක්ම වගේ මේකත් ලියලා තියෙන්නේ Capt. W.E. Johns මහතායි. වැඩි බයිලා ඕන නෑ පරණයි කියලා මට බනින් නැතුව මේක බලලා හොඳද කියලා කියන්න එහෙනම්. තවත් ෆිල්මුවකින් හමුවෙමු.
ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Biggles.Adventures.in.Time.1986.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
44 downloads