ඔන්න එහෙනම් අදත් සුපුරුදු පරිදි ආව දවසෙම කතාව දෙන්න තමා හදන්නේ. එහෙමනම් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා අද කොටහින්.
ක්ලාක්ව ලෙක්සා අල්ලගත්තනේ. දැන් ලෙක්සාට ඕනේ කොහොමහරි ක්ලාක්ව ඇයගේ පැත්තට අරගන්න. ඊටත් වඩා ක්ලාක්ව ඇයගේ යටතේ තියාගෙන ඇයට නැති වූ බලය නැවත ලබාගන්න. ඉතින් ක්ලාක් මේ වගේ දේකට කොහොත්ම කැමති වෙන්නේ නැහැනේ. ඔය අතරේ ලෙක්සා සමුළුවක් සංවිධානය කරනවා ආකාශ මිනිසුන් සමග ගිවිසුම ගැන සාකච්ඡා කරන්න. ඇබි, කේන් ඇතුළු පිරිස සමුළුවට සහභාගී වෙන්න ගිය අතරේ බෙලමි දන්නා කියන භුමිවාසියෙක් ඇත්තටම කිව්වොත් අයිස් ජාතිකයෙක් දුවගෙන එනවා සමුළුව උගුලක් බව කියාගෙන.
ඉතින් මේක අහපු ගමන් බෙලමි යනවා ලෙක්සාගේ අගනගරය වන පෝලිස්වලට. ඒවගේම මවුන්ට් වෙදර්වල මිසයිල පද්ධතියේ පාලනය ලබාගන්න උත්සහ කරමින් ඉන්න මොහොතේ ලොකු අනතුරක් කඩාපාත් වෙනවා. ඒ මොකක්ද කියලා මම කියන්නේ නැහැ. කොහොමහරි අන්තිමේදී අයිස් ජාතීන්ගේ රැජින බලාපොරොත්තුවෙන් ආපු යුද්ධය ඇයට ලැබෙන්නයි යන්නේ. එහෙනම් බලමු බලවත් වන්හේඩා අද මොකෑ කරන්නේ කියලා.
එහෙමනම් ඊලග සතියේ හමුවෙමු. බාගෙන යමින් ගමන් සුපුරුදු පරිදි අදහස් දක්වාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ සති අන්තයක්. ජයවේවා.
2101 downloads
<<Previous Episode All Episodes Next Episode >>