ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ හත්වන උපසිරැසිය අරගෙන ආව. මම දන්නවා බොහොමයක් යාළුවන් දැන් බලාවි මේ සුපර්මෑන් චිත්‍රපටය මොකක්ද කියල. මොකද මම දන්නවා ඔයාල ගොඩක් අය මේ චිත්‍රපටය ගැන දන්නේ නැ. ඇත්තටම මේ චිත්‍රපටය කාටුන් නොවන හතරවන සුපර්මෑන් චිත්‍රපටය වගේම පළමු වර්ණ සුපර්මෑන් චිත්‍රපටය. මිට පෙර Superman 1948, Atom Man vs. Superman (1950) සහ Superman and the Mole Men (1951) ලෙස චිත්‍රපට තුනක් පලවී තිබ්බත් ඒක ඔක්කොම කළු සුදු චිත්‍රපට. ඉතින් DC කොමික් වලට කැමැත්තක් දක්වන ඔයාල ඔක්කොටම මේ චිත්‍රපටය ගොඩක් වැදගත්. මොකද චිත්‍රපටය හතරක චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපයට වන මේක එම කාලයේ තියන උපරිම තාක්ෂනය බාවිතයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට වර්තමාන චිත්‍රපට බොහොමයක දක්නට ලැබෙන දුෂ්‍ය ප්‍රයෝග වලට වඩා උසස් දර්ශන මේ චිත්‍රපටයේ දක්නට පුළුවන්. ඒ උනත් පැරණි චිත්‍රපට වල දක්නට තියන කලාත්මක සිනමා ගුණයත් මේ චිත්‍රපටයේ දක්නට තියනවා. Christopher Reeve සුපර්මෑන් ලෙස රඟපෑමෙන් එකතුවෙන මේ චිත්‍රපටය IMDb අගය 7.3 අරන් තියන Action, Adventure, Drama ගණයට අයිති වෙන චිත්‍රපටයක්.
කතාව පටන් ගන්නේ ඇත එපිට ක්‍රිප්ටන් කියන ග්‍රහ ලෝකය විනාශ වෙන්න ලංවෙනකොට එහි සිටින විද්‍යාඥයෙක් එයාගේ දරුවා අභ්‍යවකාශ යානයක දාල පෘතුවියට එවීමත් එක්ක. ඔහු හමුවෙන්නේ ගොවියෙක් ට. එයා ළඟ හැදී වැඩෙන මේ ක්ලාක් කෙන්ට් නමින් හැඳින්වෙන දරුවා ටික ටික එයා සතු සුපිරි බලය හඳුනා ගන්නවා. පස්සේ එයා එක නගරයේ දුෂ්ටයන්ට විරුද්දව සටන් කරනවා. පත්තර කන්තෝරුවක සේවයට යන කෙන්ට් එහි සිටින ලොවිස් ලෙන් කියන තරුණිය සමග ආදරයෙන් බැඳෙනවා. සරලවම කිවුවොත් ඔයාල දැනටමත් දන්නා සුපර් මෑන් චරිත කතාව තමා මේකේ තියෙන්නේ.
මේ චිත්‍රපටයේ නම හින්ද මට හිතෙනවා මේ චිත්‍රපටය උපසිරැසිය බාගත කරගත්තේ නැතත් සාමාන්‍ය පිරිසක් මේ පොස්ට් එක විවෘත කරාවි කියල. ඒක හින්ද මම ගොඩක් කල් ඉඳල කියන්න හිතපු දෙයක් ඔයාලට කියන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මේ වෙබ් අඩවියේ ගොඩක් පැරණි චිත්‍රපට වලට උපසිරසි දෙන උපසිරසි කරුවන්ට ලැබෙන කමෙන්ට් එකක් විදියට එයාල පැරණි උපසිරසි බලන්නේ නැති බවත් එක හින්ද අලුත් ඒවා විතරක් දෙන්න කියන එක හඳුන්වන්න පුළුවන්. ඒත් එයාලට අමතක වෙනවා මේ චිත්‍රපට වලටත් කැමති පිරිස් ඉනන්ව කියල. කොටින්ම උදාහරණයකට ගත්තොත් මම සාමාන්‍යයෙන් සීරියස් චිත්‍රපට බලන්න අකමැතියි. ඒ වගේම කැපිලි කෙටිලි තියන චිත්‍රපට බලන්නේ නැ. කොටින්ම මම Saw කියන චිත්‍රපට මාලාව සහ Wrong Turn කියන චිත්‍රපට මාලාවේ එකම චිත්‍රපටයක් වත් නරඹා නැ. මොකද මම කැමති නැ ඒ වගේ චිත්‍රපටවලට. එත් මම හිතන්නේ නැ ඒ චිත්‍රපට නරකයි කියල. මොකද මම අකමැති චිත්‍රපට වෙන කෙනෙක් ආසාවෙන් බලන්න පුළුවන්. එක හින්ද මම ඔයාල ඔක්කොටම කියන්නේ ඔයාල අකමැති චිත්‍රපටයක් අපි ලබා දෙනවා නම් ඒක ගන්න එපා. එත් ඒවා හොඳ නැ නැත්නම් ඒවා වැඩක් නැ කියන මතේ ඉන්න එපා.
තව දෙයක් ඔයාල අපෙන් නිතරම අහන ප්‍රශ්නය තමා මේ පරණ හම්පඩ චිත්‍රපට මොකටද දෙන්නේ , මහන්සිය අපාරදේ කවුද ඕව බලන්නේ වගේ දේවල්. එත් මම ඔයාලට කියන්නේ මම ඇතුළු මේ පරණ චිත්‍රපට ඔයාලට දෙන ඔක්කොම උපසිරසි කරුවන් දන්නවා ඇයි එයාල මේ චිත්‍රපට දෙන්නේ කියල. කොටින්ම මම දන්නවා අපි දෙන සමහර උපසිරසි ඇඩ්මින් සහෝදරයෝ වත් බලන්නේ නැ කියල. පුද්ගලිකව මම උපසිරසියක් ලබා දෙන්න ඉල්ලුම් කරනකොටම දන්නවා මේ උපසිරැසිය අලුත් උපසිරසි වගේ ඔයාල බාගත කරගන්නේ නැ කියල කොච්චර චිත්‍රපටය හොඳ උනත්. උදාහරණයක් විදියට මම ඔයාලට දුන්න ස්ටාර් ට්‍රැක් චිත්‍රපට හතම එකතුකරලා ගත්තොත් ලයින්ස් එකොලොස් දාහකට කිට්ටුව තිබ්බ ඒ උපසිරසි හදන්න සති දෙකකට වැඩිය ගියා. එත් නැරබිම් පන්දහසකට පොඩ්ඩක් වැඩියෙන් සහ බාගත කිරීම් ඔක්කොම එකතුව දෙදහස් පන්සියකට මදක් වැඩියෙන් තමා තිබ්බේ. එත් මට එක ගැටළුවක් උනේ නැ. මොකද බාගත කිරීම් සාමාන්‍ය ගත්තොත් සියට පනහකට වඩා තියනවා. එච්චර ප්‍රමාණයක් අලුත් චිත්‍රපටයකට වත් නැ. ඒක හින්ද මම ඇතුළු මම හිතන්නේ සියලු උපසිරසි කරුවන් සතුටුවෙනවා සුළු ප්‍රමාණයක් හෝ උපසිරසි බාගත කර ගත්තත්.
චිත්‍රපටය අලුත් උනත් පරණ උනත් එයට උපසිරසි සකස් කරන්න සියලු උපසිරසි කරුවන් එකසේ මහන්සි වෙනවා. කොටින්ම පැරණි චිත්‍රපට වලට උපසිරසි සපයන්න අලුත් ඒවාට වඩා අමාරුයි මම හිතෙන්නේ. මොකද ඒ ගොඩක් තියෙන්නේ වාචික ඉංග්‍රීසි බාසාවෙන්. ඒ වගේම දෙබස් ගොඩක් දිගයි. ඒ හින්ද ඒවා සිංහලට හරවලා කතා කරන සරල සිංහල බාසාවෙන් වාක්‍ය ටයිප් කරන්න අමතර මහන්සියක් දරන්න වෙනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාල අපි කරන උපසිරසි වලට කමෙන්ට් කරනකොට අපි හොඳට කරලා තියනවා නම් හොඳ කියන්න. වැරදි නම් හෝ සැහීමකට පත්වෙන්න බැරිනම් අපිව විවේචනය කරන්න. බනින්න කිසි ප්‍රශ්නයක් නැ. එත් අපෙන් “මේ චිත්‍රපට මොකටද දෙන්නේ. කවුද ඕව බලන්නේ. ඕව දෙන එකේ තේරුම මොකක්ද” කියන ප්‍රශ්නය අහන්න එපා කියල මම ඉල්ලනවා. මොකද අපි උපසිරැසිය වෙන් කර ගන්නකොටම දන්නවා ඇයි මේ උපසිරැසිය තොර ගන්නේ කියල.
සීරියස් කතා ඇති. මම ඉතින් Marvel සාමාජිකයෙක්. එත් අපේ DC යාලුවන්ගේ කණ්ඩායමේ මුල්කාලේ චිත්‍රපට කරන අය නැ මම හිතන්නේ. මොකද සමහරවිට එයාල එයාලගේ මුල් කාලේ අමතක කරලා තියන හින්ද මම හිතුවා මේ චිත්‍රපට එකතුව මම දෙනවා කියල. ඔන්න ඉතින් Marvel සහ DC යාළුවො ඔක්කොම එකතුවෙලා Marvel ලොකු අයියා වුල්වරින්ට ජයවේවා කියන ගමන් කිසිදෙයක් නොසඟවන මේ DC සුපිරි වීරයාගේ (යට ඇඳුමත් ඔක්කොටම පෙන්න උඩින් නේ අඳින්නේ .. හෙහ් හෙහ් ) කතාව ඇතුලත් චිත්‍රපටය සිංහල උපසිරසි සහිතව පළමුවරට බලන්න.
මම ඊළඟට දෙන්නේ මේ චිත්‍රපට මාලාවේම දෙවන චිත්‍රපටය. චුට්ටක් විතර ප්‍රමාද වේවි බාසාව අමාරුයි ඒකෙ. ඉතින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
බුදු සරණයි…..!
Due to copyright issues, we do not provide any torrent links.
Superman.1978.720.BrRip.264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
70 downloads