Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Thodari (2016) with Sinhala Subtitles |දුම්රියක පෙම් පුවත [සිංහල උපසිරසි සමඟ]

$
0
0

හැමෝටම ආයුබෝවන්…බොහොම කාර්යබුල වටපිටාවක, රාජකාරි ගොඩක් මැද්දේ තමයි අද මේ උපසිරසිය අරන් එන්නේ. සිසිල මල්ලී සහ ඉන්ද්‍රජිත් මල්ලී නොහිටින්න මේතරම් ඉක්මනින් ගේන්න බැරි වෙනවා. ඒ නිසා එයාලාටත් ස්තූති කරග ගමන්ම. මාස කිහිපයක් යනතුරු දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් ගෙන්න බැරිවුණා. එකටත් හරියන්න අද මම ඇරන් ආවේ සද්ද නැතුව තිරගත වුණු තවත් සුපිරිම සිනමා නිර්මාණයක්. තොඩරි. චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම්.

දමිළ බසින් තොඩරි කියන්නේ දුම්රියට. කිව්වත් වගේම මෙම චිත්‍රපටයේ සම්පූර්ණ කතාවම දිගහැරෙන්නේ දුම්රියක් පාදක කරගෙන. ඒ තමයි දිල්ලි වල ඉඳලා චෙන්නායි දක්වා යන DC Express දුම්රිය. මේ චිත්‍රපටයේ විශේෂත්වය නම් පැය දෙකකුත් විනාඩි 48 ක් පුරා දිවෙන මේ කතාවෙන් බොහෝ කොටසක් දුම්රිය තුළම සිදුවීමයි. නමුත් එක මොහොතක් වත් ඇස ඉවතට ගන්න බැරි තරමට සිනහව, ත්‍රාසය සහ කුතුහලයෙන් පිරිලා. අනිත් විශේෂත්වය තමයි සුපිරි නළු ධනුෂ් සමඟ කීර්ති සුරේෂ් පෙම් යුවළක් ලෙස රිදී තිරයට එන්නෙත් මේ චිත්‍රපටය තුළින්. ඒ දෙපළට අමතරව තම්බි රාමයියා, කරුණාකරන්, නසර් (ආරාධිත) යන නළුවන් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඔය කෝච්චියේ මොනවද වෙන්නේ? කතාව පොඩ්ඩක් පැහැදිළි කරන්නම්.

පූච්චි කියන්නේ මේ දුම්රියේ කැබින් කොළුවෙක්. කෝච්චියේ යන අයට කෑම බීම සැපයීම තමයි එයාගේ රාජකාරිය. දවසක් ආරංචියක් එනවා VIP මැදිරියේ සුපිරි නිළියක් වන ශ්‍රීෂා ගමන් කරනවා කියලා. එයාව බලන්න හැමෝම පොරකන අතරේ පූච්චි කොහොමහරි ගැටයක් ගහලා මේ නිළියව බලන්න ඒ මැදිරියට යනවා. නමුත් එයාගේ හිත ගියේ ශ්‍රිෂාගේ මේකප් ආටිස්ට් කෙල්ල සරෝජාට. පූච්චි ඔහොම ලවු සික් එක ගහලා ඉන්න කොට ඔය කෝච්චියට තවත් ප්‍රභූවරයෙක් ගොඩ වෙනවා. ඔහු ප්‍රබල ඇමති කෙනෙක්. මේ ඇමතිට කෑම දෙන වැඩෙත් සෙට් වෙන්නේ පූච්චිට. ඇමතිට කෑම දෙන අතරේ ඔහු සරෝජාවත් හමුවෙනවා. තව ටික දුරක් යද්දි මේ කෝච්චියට මංකොල්ලකරුවන් පිරිසකුත් ගොඩවෙනවා. හදිසියේම මේ කෝච්චිය මහ කැළයක් මැද එකවරම නතර වෙනවා. ඔය අතරේ එක්තරා ප්‍රශ්නයකට මැදිවුණු සරෝජා දුම්රියෙන් එළියට බහිනවා. නමුත් දුම්රිය නැවත පණගන්වා ධාවනය වෙන්න පටන් ගත් නිසා සරෝජා දුවගෙන ගොස් ඇන්ජින් පෙට්ටියට ගොඩවෙනවා. කවුරුත් නොසිතූ පරිදි මෙම දුම්රිය මාරාන්තික වේගයෙන් නොනවත්වා ධාවනය වෙන්න පටන් ගන්නවා, මිනිස්සු 700 කුත් සමඟ. සිදුවීම එපමණයි… කතාවෙහි ඉතිරිය කෙසේ වෙයිද යන්න දැනගැනීම ඔබට බාර කරනවා.

මෙම චිත්‍රපටයේ රසවත්ම කොටස තමයි මාධ්‍යකරුවන්ගේ මාධ්‍ය සංදර්ශනය. එන්ජින් මැදිරියේ සිටින සරෝජා දුටු මාධ්‍ය කරුවන්ගේ සිරස්තලය  වුණේ “දිල්ලි වල සිට චෙන්නයි දක්වා දිවෙන ඩී.සී. එක්ස්ප්‍රස් දුම්රිය ගැහැණු ත්‍රස්තවාදියෙකුගේ නායකත්වයෙන් පැහැර ගැනීමකට ලක්ව ඇත“ යන්නයි. ඉතින් ඒ රසවත් ඉඟියත් එක්ක මෙම චිත්‍රපටය රසවිඳින්න ඔබට ආරාධනා කරමින් සමුගන්නම්. ජයවේවා !

ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්

24 (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි TamilRocker HD පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>