ඔන්න ඉතින් ඔලිවර් අලුත් ටිම් එක හදාගෙන එයාලට පාඩම් කියලා දෙන්න පටන්ගත්තා. ඔන්න ඉතින් මුලින්ම ඔලිවර් ස්ටාර් ඩස්ට් විකුණන කෙනෙක්ගෙන් ඒවා කොහෙන්ද එන්නේ කියලා අහන්න කරන සටන තමයි එයාලාට මුලින්ම කියලා දෙන්නෙ. ඉතින් ඒවා තියෙන තැන රෙනෙ දන්නවා කියලා කිවත් ඔලිවර් ඒක ගානකටවත් ගත්තේ නෑ. ඉතින් රෙනේ මොකද කරන්නේ එවලින් එක්කගෙන අර ස්ටාර් ඩස්ට් හදන තැනට හොරෙන් යන එකයි. රෙනේ කොහොමත් හිතුවක්කාරයා නිසා එතන ඉන්න අයට පහර දෙන්න හදනවා. හැබයි ඉතින් එයාලා දෙන්නට ඒක තනියම කරන්න වෙන්නේ නෑ. කොහොම හරි රෙනේ එතන ඉන්න කල්ලියේ නායකයා වුන ඩෙරෙක්ව ඒ ස්ටාර් ඩස්ට් ද්‍රාවණයකට තල්ලු කරනවා. ඒ හින්දා එයා මැරෙනවා. ඒ වගේම ඔලිවර්ට මේක දැනගන්න ලැබෙනවා. හොදම දේ තමයි මේ නායකයා අල්ලාගෙන ලොකු මෙහෙයුමක් කරන්නයි පොලිසිය බලාගෙන ඉදලා තියෙන්නේ. ඒත් ඉතින් රෙනේ ඒ නායකයා මරලා දාලා ඔක්කොම වැඩ අවුල් කලා. ඒ වගේම ඔලිවර්ට අලුත් නිතිඥයෙකුත් ලැබුනා ඒඩ්‍රියන් කියලා. එයා නම් ටිකක් නීතියට බර කෙනෙක් වගේ.
හැමෝම ඩෙරෙක් මැරිලා කියලා හිතාගෙන හිටියට ඩෙරෙක්ට ඉස්පිරිතාලයේදි පණ එනවා. ඒ විතරක් නෙවෙයි එයාට සුපිරි හයියක් වගේම එයාගේ හැගීම් දැනීම් දැනෙන එකත් නැති වෙලා. මේ දේවල් නිසා ඔලිවර්ට එයාව නවත්වන්න අමාරු වෙනවා. ඉතින් ඩෙරෙක් ගිහින් අපරාධ නායකයෝ එකතු කරලා එයාට මේ වුන දේවල් කියලා අනිත් අයටත් අර ද්‍රාවණය දිලා එයා වගේ සුපිරි මිනිස්සු කරන්නයි හදන්නේ. හැබැයි ඉතින් ඔලිවර් කණ්ඩායමත් එක්ක ඇවිත් ඩෙරෙක්ගේ අයත් එක්ක සටන් කරනවා. ඒ වුනාට ඩෙරෙක් එක්ක සටන් කරන එක නම් ලේසි වෙන්නේ නෑ. ඒ නිසා ඔලිවර් එයාගේ මාංශ පේෂි කපලා දාලා එයාට ඇවිදින්න බැරි විදියට කොටු කරනවා. ඊට පස්සේ එතනට බෝම්බ අටවලා සම්පුර්ණයෙන්ම විනාශ කරලා දානවා. මේ හැමදේකින්ම පස්සේ ඔලිවර් කණ්ඩායම ඇරෝ කේව් එකට එක්කගෙන එනවා. ඒ තැනට ආවම එයාලා ගොඩක් පුදුම වෙනවා.
මේ හැමදේම වෙද්දි ෆෙලසිටි රෝරිට අර මිසයිලයේ ඇත්ත කතාව කියනවා. එයා තමයි රොරිගේ ගෙවල් පැත්තට ඒ මිසයිලය යැව්වේ කියලා. ඒක නම් රොරිට දරාගන්න අමාරු වෙනවා. ඒ වගේම එකපාරටම ඔලිවර් හම්බවෙන්න අමුත්තෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි. ලයිලා ඇවිත් ඔලිවර්ට කියනවා දැන් ඩිගල් රටට ඇවිත් ඉන්නේ. ඒ වුනාට එයා හිරේ කොටුවෙලා ඉන්නේ කියලා. ඉතින් ඔලිවර් ඩිගල්ව හිරෙන් බේරාගයිද? ඔලිවර්ට මේ මුරණ්ඩු ටීම් එකත් එක්ක ඉස්සරහට යන්න පුලුවන් වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලමු. . . ^_^
මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E04.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
10510 downloads
<< Previous Episode All Episodes Next Episode >>