Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Aandavan Kattalai (2016) with Sinhala Subtitles |බොරුවෙන් වසන් නොවූ දෛවය… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Aandavan Kattalai (2016)

කොහොමද යාළුවනේ..කතකලි බැලුවද? මේ දවස්වල එක දිගට ෆිලුම් නිකුත් කරනවා. ඉතින් බයිස්කෝප් එකේ දකුණු ඉන්දියානු උපසිරැසිකරුවෝ බොහොම කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ ඔයාලට උණු උණුවෙම උපසිරැසි ලබා දෙන්න. ඔන්න මාත් ඇරන් එනවා තවත් අළුත්ම ලස්සන ෆිලුමක්. අපි කවුරුත් දන්න විජ්ය් සේදුපතිගේ. මේ මම කරන විජය් සේදුපතිගේ හයවෙනි උපසිරැසිය.

විජය් සේදුපති, මෑත කාලයේ ඉතාමත් සාර්ථක වුණු නළුවෙක්. පිට පිටම එයාගේ ෆිලුම් ජනප්‍රිය වුණා. පොඩ්ඩක් මතක් කළොත් නානුම් රවුඩි තාන් එකෙන් පටන් ගත්ත රැළ්ල, සේදුපති, කාදලුම් කඩන්දු පෝගුම්, ඉරෙයිවි, ධර්මදුරෙයි සහ මම අවසානයට උපසිරැසි දුන්න රෙක්ක දක්වාම සේදුපතිට ලැබුණ ප්‍රතිචාර අති විශාලයි. දැන් ඔහුට අන්වර්ථ නාමයකුත් පටැඳිලා “මක්කල්-සෙල්වන් ” කියලා. අද මම රැගෙන එන ආන්ඩවන් කට්ටලෙයි (දෙයියන්ගේ අණ) චිත්‍රපටය නිකුත් වුණේ රෙක්ක චිත්‍රපටියට හරියටම සති දෙකකට කලින්. ඒ සති දෙක ඇතුළත මෙම චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වුණ නිසා…මෙපමණ ඉක්මණින් රෙක්ක චිත්‍රපටිය තිරගත වීම එම චිත්‍රපටි දෙකටම බලපෑවා කියලා තමයි විචාරකයින්ගේ මතය. නමුත් ශ්‍රේණිගත කිරීම් අනුව නම් ආන්ඩවන් කට්ටලෙයි චිත්‍රපටය ඉතාමත් ඉදිරියෙන් සිටිනවා. IMDB ශ්‍රේණිගත කිරීම් අනුව එයට 8.4 ක අගයක් ලැබිලා තියනවා.‍ චිත්‍රපටයේ කතාව චුට්ටක් කියන්නම්.

කතාව

අපි කවුද හිතන්නේ ජීවිතේ අපි අහම්බයෙන් තෝරාගන්න දේවල් කෙතරම් දුරට අප ජීවිත වලට බලපායිද කියලා. සේදුපතිටත් වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. එයා අහඹු ලෙස කළ තේරීමක් නිසා ප්‍රශ්ණ කෝටියකට මැදිවුණු කතාවක් තමයි මේ කතාව. සේදුපති නොහොත් ගාන්ධිගේ අහඹු තේරීම මොකද්ද දන්නවද?කාර්මේඝකුළලි. එයා මේ තේරීම කොයි මොහොතේ කුමක් අරභයා කළාද කියන දේ චිත්‍රපටිය බලන ඔයාලට දැනගන්න පුළුවන්. කාර්මේඝකුළලි ගාන්ධිගේ කටට ආපු අහඹු නමක් වුණාට, ඒ වෙනවිටත් කාර්මේඝකුළලි කියලා සැබෑම කෙල්ලක් ඉන්න බව දන්නේ චිත්‍රපටිය බලන අපි විතරයි. ඉතින් ඒ සුළු වරද නිසා ඔහුට නොසිතූ විරූ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. එක් බොරුවක් කීවොත් එය වහන්න තවත් බොරු දහසක් කියන්න සිදුවන බව අපි අසා තිබෙනවා. සේදුපතිත් එයාගේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන්නේ ඒ විදියට. අවසානේ මේ ප්‍රශ්ණ වලින් ඔහු ගැළවුණේ කොහොමද කියන දේ තමයි චිත්‍රපටියේ කතාව. සේදුපති රඟපාන චිත්‍රපටිවල තියන විශේෂයක් තමයි, මීළඟට සිදුවන දේ අපට සිතාගැනීමට නොහැකි වීම. මේ චිත්‍රපටයත් ඒ වගේ තමයි. ඉතින් මෙහි අවසානය කොයි වගේද කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

විචාරය

ලස්සන සිංදු කීපයකුයි සටන් කීපයකුයි කලවම් කරලා හොඳ ඉෆෙක්ට්ස් දාලා චිත්‍රපටියක් ගැහුවාම ඒක සාර්ථකයි කියලා කියන සමාජයක් අද තියෙන්නේ. නමුත් මේ චිත්‍රපටයේ හැටියටනම් ඒ කිසිවක් නොමැතිව චිත්‍රපටයක් සාර්ථක කරගන්න පුළුවන් බව අධ්‍යක්ෂක මණිකන්ඩන් මනාව  ඔප්පු කරලා තියනවා. ඒ නිසාම තරමක් මන්දගාමී වගේ පෙණුනත්, සිනමා ශාලාවේ සිටි රසිකයින් සිනහමුසු මුහුණින් අවසානය තෙක් රසවින්ඳ සිනමා පටයක් වුණා. එයට ප්‍රධානම හේතුව විජය් සේදුපති ඇතුළු සියළුම දෙනාගේ තාත්වික රංගනය. විජය් සේදුපති ගැන මං මොකුත් කියන්නෑ මොකද ඔහු ගැන ඔයාල හොඳින් දන්න නිසා. නමුත් චිත්‍රපටය බලපු ඕනැම කෙනෙක් කතා කරපු චරිත දෙකක් තිබුණා. ඒ තමයි ශ්‍රී ලාංකිකයා සහ පරීක්ෂණ නිළධාරියා. අතිෂයෝක්තියක් නෙවෙයි, සැබෑවටම ඒ චරිත දෙක ප්‍රේක්ෂකයින්ව පුදුම කළා. මාත් පුදුම වුණා. ඔවුන් දෙදෙනාම අප මින් පෙර දැකලා නෑ. කාර්මේඝකුළලි නොහොත් රිතිකා සිංග්. ඉරුදි සුට්ට්‍රැ චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත් තැබූ කරාතේ ක්‍රීඩිකාව. මෙවරත් ඇයට ඔබිනම චරිතයක් ලැබිලා තියනවා.  ඒ වගේම නීතීඥවරයා සහ ඔහුගේ සහායිකාව (විනෝදිනී), ප්‍රධාන විනිසුරුවරිය, තැරැවුකරු (සිංගම්පුලි), මාස්ටර් (නසර්) මේ සියළු දෙනාම හොඳින් රඟපෑවා. දෙවැනි ප්‍රධාන-නළුවා වන යෝගී බාබුද අගය කළ යුතුයි. තරමක් සාමාන්‍ය නළුවෙක් වුවත් මෙහි ඔහු ඉදිරිපත් කළ ඒ හාස්‍යයට සිනමාශාලාවේ සිටි සියළු දෙනා සාක්ෂි දරනවා. චිත්‍රපටයේ කෙටි කාලයකට ඔහු අතුරුදන් වීම මෙම චිත්‍රපටයෙහි අඩුපුඩාවක් ලෙස විචාරකයින් පෙන්වා තිබුණා. K-ගේ පසුබිම් සංගීතය මෙම චිත්‍රපටයට ලොකු බලයක් වුණා. චිත්‍රපටය බලන අපටත් නොදැනීම එකිනෙකාගේ හැඟීම් අපට දනවන්නට තරම් සංගීතය මනා පිටිවහලක් වුණා. චිත්‍රපටිය බලද්දි තේරෙයි.

සාරාංශය

සාරාංශ වශයෙන් කිව්වොත් ලොකුවට හැරවුම් ගැටුම් නැති චිත්‍රපටයක්. ටිකක් මන්දගාමීයි. මසාලා චිත්‍රපටි බලන අයට නම් සාමාන්‍ය එකක් වෙයි. නමුත් වෙනස් රසයන් හොයන අයට හොඳ අත්දැකීමක් වෙයි. සීරියස් නැති සිනහව කැමති අයට ඉතාමත් සුදුසුයි. ඉතින් යාළුවනේ, මං උපසරැසිය දැමූ නිසා ඔයාලව යොමු කරවනවා නොවෙයි. චිත්‍රපට පිළිබඳව විවිධාකාර මූලාශ්‍ර ඔස්සේ කරුණු සොයා බලා, මගේ අත්දැකීමත් මුසුකර තමයි මා ලිපි සකසන්නේ. මේ ලිපිය සැකසීමට මා වෙන්කළ කාලය පැය හයක්. අඩුපාඩු තිබෙයි නම් ෆිලුම බලලා කමෙන්ට් කරන්න. ඉතින් තවත් උපසිරැසියකින් හමුවන තුරු..ඔබට ජයවේවා!

Aandavan Kattalai (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.la – Aandavan Kattalai (2016)[HDRip – x264 – 700MB – Tamil]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>