Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Omen (2006) with Sinhala Subtitles |මීදුමේ බොඳ වුනු සෙවනැලි [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Omen (2006)

අද්භූත, හොල්මන් චිත්‍රපටියක් එහෙම මෑතකදි බැලුවද? බැලුවත් නැතත් මෙන්න තියනවා සුපිරිම ත්‍රිලර් ෆිලුමක්. හොල්මන් කිව්වට මේක ටිකක් වෙනස් එකක්. හොල්මනක් කිසිම තැනක පේන්න නෑ. කැපිලි කෙටිලි නෑ. සොම්බිලා නෑ. කොටිම්ම කිව්වොත් මේක සිරාම අද්භූත ගනයේ චිත්‍රපටයක්. 2006 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේක මගේ දසවන උපසිරැසි නිර්මාණය. කරපු ඒවට ලැබුනු ප්‍රතිචාර ගැන හරිම සතුටුයි. තවත් හොඳ නිර්මාණ ඔයාලට අරන් එන්න තමයි හිතන් ඉන්නේ.

රොබට් කියන්නේ ඇමරිකානු දේශපාලනයේ ඉහල තනතුරක් දරන්නෙක්. එයාගේ බිරිඳට දරුවෙක් ලැබෙනවා. ඒ ඩේමියන්. ඒත් ඒ දරුවා පිලිබඳව ලොකු රහසක් රොබට් ඔහුගේ බිරිඳ ගෙන් වසන් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 5ක් ගතවෙනවා. එතන ඉඳන් තමයි අවුල පටන් ගන්නේ. ඩේමියන් “ආගන්තුකයි” කියලා අම්මාට තේරෙණවා. ඒත් එයාගේ සිතුවිලි ආදරණීය සැමියා රොබට්ට හෙලිකරන්න එයා කැමති වෙන්නේ නෑ. කොහොම හරි රොබට් තේරුම් ගන්නවා ඔහු වසර පහකට පෙර විශාල වරදක් සිදුකර ඇති බව. කවුද මේ ඩේමියන්..? ඔහු මේ ලෝකෙට ආවේ මොකටද? අවාසනාවන්ත සිදුවීම් පෙලක් සමග රොබට්ට සිද්ද වෙනවා මේ වරද නිවැරදි කරන්න කටයුතු කරන්න. මේ ගැන දන්න අය තවත් ඉන්නවා. ඉතින් රෝමයේ පැරණි නගර තුලට පිවිසෙමින්.. අනාගත වෘක්ත කරුවන්ගේ අනාවැකි ඔස්සේ. ඔවුන් ගවේශනය අරඹනවා. අවසානය කෙබඳු වේවිද? කතාවේ විස්තර වැඩිය කියන්නේ නෑ. කුතුහලය තියාගෙන බලන්න.

මේ චිත්‍රපටය ගලාගෙන යන්නේ ක්‍රිස්තියානි ආගමික පසුබිමක. බයිබලයේ අනාවැකි සහ වර්ථමාන ලෝකයේ සිදුවීම් සුපිරියටම ගලපලා අරන් කතාව ගොඩ නගලා තියෙන්නේ. ඉතින් අනිවා මේක බලන්න. එක පාරට උඩ යන දර්ශණ කිහිපයක්ම මේකේ තියනවා. උපරිම ෆීල් එකක් ගන්න නම් රෑට බලන්න ඕනේ. දැන් අපේ කට්ටියත් හැලොවීන් පාටි දානවනේ, ඉතින් මෙන්න මං ගානේ හැලොවීන් තිලිණයක්. මේකට torrent සීඩ් නම් අඩුවක් නෑ. එහෙනම් තව එකකින් හමුවෙමු. ජය!

The Omen (2006) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Omen.2006.BRRip.XviD.AC3-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>