අනේ අපොයි.. මතක ඇතිනේ පහුගිය සුමානේ වෙච්ච දේ, මගේ මතය අනුව නම් ඒ දේ උනේ රික්ගේ අධිතක්සේරුව නිසා, කතාව පටන් ගත්ත දවසේ ඉඳලම මේ වෙනකම් රික් සැහෙන දෙනෙක් එක්ක හැප්පුනා, ඒ හැම වෙලේම රික් කොහොමහරි දින්නා, ඒත් මෙදා පාර රික් කෙටුවේ කෙහෙල් ගහටමයි, අන්න ඒ නිසයි හොට පටලවගන්න උනේ. ඒ වගේම සීසන් හයක්රි තිස්සේ පොර උන රික් දැන් නම් අන්ත අසරණ වෙලා, ඒ කතාව ඉවරයි එහෙනම්. දැන් හැමෝම වෛර කරන හැමෝටම පෙන්න බැරි එකා තමා නීගන් කියන්නේ, හැබැයි ඉතිං මෙදා පොටේ නීගන්ගෙන් විතරක් නවතින්නේ නම් නෑ රජෙකුගේ ආගමනය බලාපොරොත්තුවෙන් කතාවේ ඉදිරියට යමු අපි. ඒ වගේම කියන්න ඕන මේ වෙනකොට මේ කතාවට වාර්තා වෙච්ච ඉහලම IMDB අගය ලැබුන කතාංගය බවට පත්වුණේ ගියසුමානේ විකාශනය වෙච්ච කතාංගය, ඊයේ වැස්ස නිසා උපසිරස දෙන්න බැරිවුනා. සමාවෙන්න ඕන ඒ ගැන නම් ඒ වගේම සැහෙන දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බ ගිය සුමානේ ඒ වගේ කමෙන්ට් ලැබෙනවානම් ඉතින් සැහෙන ආසාවකින් උනන්දුවෙන් සබ් එක අරන් එන්න හිතෙනවා, ඒ වගේම රෑ දෙන්න එපා බැරිනම් වෙන කෙනෙක්ට දීපං කියල කියපු අයට කියන්නේ මම හරි කැමතියි වෙන කෙනෙක් කරන්න කැමැති වෙනවනම් ඒත් කරන්න කෙනෙක් නැහැ හැමෝම වගේ ටීවී සීරියස් වල හිරවෙලා, ඒ නිසයි මගේ අධ්‍යාපන වැඩ කටයුතු මැද්දේ මේක කරන්න ගත්තේ බලන කට්ටියව අතරමං කරලා දාන්න අකමැති නිසා, ඉතින් මට පුළුවන් ඉක්මනට මම සබ් එක දෙන්නම් කියල තමා කියන්න තියෙන්නේ, කතාව බලන්න තියන හදිසියට, ආසාවට වෙන්න ඇති එහෙම කියන්නේ ඒත් මගේ පැත්තෙනුත් කල්පනා කරලා බලන්න පොඩ්ඩක් තමන්ගේ පැත්ත ගැන විතරක් හිතන්නේ නැතුව. ඉක්මනට කතාව අරන් එන්න වෙන කෙනෙක්ට පවරන්න උපරිම උත්සහ ගන්නව. එහෙමනම් කතාව කියන්න යන්නේ නෑ අදනම්, මොකද අද කතාව කියන්න ගියොත් බලන්න දෙයක් නැතිවෙනවා, කතාව සම්පුර්ණයෙන්ම අලුත් වෙනව අද ඉඳල, ඔන්න ආයේ ලබන සුමානේ හමුවෙමු. මේ කතා සමය වොකින් ඩේඩ් කතා මාලාව කණපිට හරවන බවනම් සහතිකයි
වොකින් ඩේඩ් රුපවාහිනී කතා මාලාවෙන්
වොකින් ඩේඩ් චිත්‍ර කතා පොතෙන්
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
766 downloads
<<Previous Episodes All Episodes Next Episodes >>