කොහොමද යාලුවනේ, ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙන් කියවෙන්නේ අපුරු සොරෙකු ගැනයි. ඒ වගේම තණ්හාවේ ආදීනව ගැනයි. මේ චිත්‍රපටිය 2016 ජුනි වල තමයි තිරගත වෙලා තියෙන්නේ.
17 වන සියවසේ ජෝසන් රාජ්‍යයේ සිටින සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු එකතු වෙලා ඔවුන්ගේ දිවි ගැටගහගන්න සොරකමේ යෙදෙනවා. ඒත් ඔවුන් ඒ කරන සොරකම් බොහොම සැලසුම්සහගත පුදුමය උපදවන සොරකම්. මේ කණ්ඩායමේ එක් සමානකමක් තිබෙනවා. ඒ තමයි ඔවුන් සියලු දෙනාම කුයින් දේශයට විකිණූ වහලුන් වීම. ඉතින් මේ සොරකම් කරමින් සිටින අතර මොවුන් තරමක් විශාල සොරකමක් සිදුකරනවා. නමුත් එහිදී වන සුලු වැරදීමකින් ඔවුන්ගේ ලාබාලතම සගයා මිය යනවා. ඉන් බොහොම දුකට පත් වන මොවුන් ඔහුව මරා දැමූ පුද්ගලයගෙන් පලිගැනීමට සූදානම් වෙනවා. බොහොම කපටි වගේම තණ්හාධික මේ පුද්ගලයගෙන් පලිගැනීම ලෙහෙසි පහසු දෙයක් වන්නේ නම් නැහැ. මෙවර මොවුන් ඔහුට විකුණන්න හදන්නේ ගංගාවක්.
ඉතින් බලන්නකෝ ඔවුන්ගේ සැලසුම කෙතරම් ඉස්තරම්ද, ඒ වගේම ඔවුන්ට එය ජය ගන්න පුලුවන් වෙයිද කියලා. කතාව බලලා අදහස් කියන්න වෙනද වගේම. මම ආයෙමත් ඉක්මනින්ම එන්නම් ඔයාලට ලස්සනම ලස්සන කතාවක් අරගෙන…
Due to copyright issues, we do not provide any torrent links.
Seondal: The Man Who Sells the River 2016 720p HDRip Unknown
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
201 downloads