ඔන්න එහෙනම් අද ඉඳන් මේ කතාවෙ දෙවැනි කථා සාමය මම අරං එනව. මේ කොටසට විතරක් IMDB අගය 8.3ක් ලබාගන්න පුළුවන් වෙලා තියනව. පළමු කථා සමය බලල ඇතිනෙ. ඒකෙ අන්තිමට ඩීප් ත්‍රොට් මැරුණ. ඒ වගේම X-Files එක නවත්තල නියෝජිත මොල්ඩර් සහ නියෝජිත ස්කලී වෙනත් තනතුරු වලට පත් කළා. මේ කථාව ගැන කියන්නම් දැන්.
කථාව පටන්ගන්නෙ වොයේජර් අභ්‍යවකාශ යානා ගැන සඳහන් කරමින් තමයි. වොයේජර් කියන්නෙ අභ්‍යවකාශයට යවන යාන දෙකක්. ඒක විශ්වයේ වෙනත් ජීවීන් කොට්ටාශයක් හොයාගත්තොත් එයාලට පෘථිවිය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතිං මේ පර්යේෂණ පස්සෙ කාලෙක වහල දානව. මේ ගැන හොයන්න තමයි මොල්ඩර් මේ පාර යන්නෙ. එයාගෙ නංගිව පුංචි කාලෙ පිටසක්වලයන් අරං ගියානෙ. ඒ නිසාමයි මෙයා මේ වැඩේට යන්නෙ. මොල්ඩර්ට හමුවෙන බාධක මොනවද? එයා පිටසක්වලයන් අල්ලගනීද? අල්ලගත්තත් එයාට ඒක ලෝකෙට ඔප්පු කරන්න පුළුවන් වෙයිද? මේ හැමදෙයක්ම බලන්න දෙවැනි කථා සමය බලන්න පටන්ගන්න වෙනව. එහෙනම් ඊළඟ කථාවෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E01.Little.Green.Men.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
149 downloads