ජෙසී දැන් ස්පීඩ්ස්ටර් කෙනෙක්නේ. ඉතින් ස්ටාර් ලැබ් එකේ ඉන්න හැමෝම එයාට උගන්වනවා. විශේෂයෙන් බෙරී ජෙසීට ගොඩක් දේවල් කියලා දෙනවා. මොකද බෙරී විතරයිනෙ ඉන්නේ ස්පීඩ්ස්ටර් කෙනෙක් විදියට. ඉතින් මේ හැමදේම වෙද්දි වෙල්ස් කියනවා එයාට එයාගේ ලෝකයට යන්න ඕනි කියලා. හැබැයි ඉතින් සිස්කෝ එහෙම ඒකට කැමති වෙන්නේ නෑ. මොකද හැරී ඉන්නවා කියන්නේ ටිම් එකට ලොකු හයියක්නේ. මේකට විසදුමක් විදියට හැරී කියන්නෙ මෙච්චර මල්ටිවර්ස් තියෙන එකේ ඒවගෙන් හැරි කෙනෙක් හොයාගන්න කියලා. ඉතින් හොද දක්ෂ බුද්ධිමත් කෙනෙක් හොයාගන්න ඕනි නිසා මෙයාලා හැම ලෝකයටම ප්‍රශ්නයක් විසදන්න කියලා යවනවා.
ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට අලුත් කරදරකාරයෙක් ඇවිත්. ඒ ස්කඩර් කියලා චන්ඩියෙක්. ඇත්තටම මෙයා කණ්ණාඩි හරහා යන්න පුලුවන් හැකියාවක් තියෙන මෙටා කෙනෙක්. ඉතින් මෙයා එකපාරටම කණ්ණාඩියකින් මතුවෙලා තියෙන්නේ එයාගේ පරණ හතුරෙක් වුන ස්නාර්ට්ව මරලා දාන්නයි. හැබැයි ඉතින් මෙයා දන්නේ නෑ දැන් ස්නාර් නෑ කියලා. ඉතින් එයා ස්නාර්ට්ගේ කල්ලියේ එක එක්කෙනා පස්සේ යනවා. වැඩේ හරියන්නේ නැති නිසා ස්කඩර් කරන්නේ එයාගේ පරණ පෙම්පතිය වුන රොස්ලින් කියලා කෙනෙක්. එයා ලගට ගියාම ස්කඩර් දැනගන්නවා ස්නාර්ට් දැන් නෑ කියලා. ඉතින් එයා මොකද කරන්නේ රොස්ලින් එක්ක එකතු වෙලා කලින් වගේ අපරාධ කරන්න පටන්ගන්නවා. ඇත්තම කිවොත් මෙයාගේ පෙම්වතියත් මෙටා මිනිසෙක්. එයාට එයාගේ ඇස් දිහා බලන කෙනෙක්ට වර්ටිගෝ පාවිච්චි කරපු හැගිම දෙන්න පුලුවන්. මේ දෙන්නගෙ අපරාධ ඉවරයක් නැති නිසා බෙරී එයාලව අල්ලාගන්න යනවා. ඒ වගේම පුරුදු වෙන්නත් එක්ක එයාගේ උදව්වට ජෙසිවත් එක්කගෙනයි යන්නේ. වැඩේ නම් ලේසි වෙන්නේ නෑ මොකද ස්කඩර්ට කණ්ණාඩි හරහා යන්න පුලුවන්නේ. කොහොම හරි ජෙසිගේ මෝඩ වැඩක් නිසා බෙරීව ලොකු කණ්ණාඩියක හිරවෙනවා. ඒ වුනාට කොහොම හරි ස්ටාර් ලැබ් එකේ අයට බෙරීව බේරාගන්න පුලුවන් වෙනවා. ඒ ගොඩක් දුරට කේට්ලන් නිසා කිවොත් තමයි හරි.
කොහොම හරි ස්කඩර්ව නවත්වන්න ඕනි නිසා බෙරී ප්ලැන් එකක් එක්ක යනවා. එයාලා ස්කඩර්ගේ හතුරා වුන ස්නාර්ට්ගේ හොලොග්‍රැම් එකක් හදලා ස්කඩර්ව විදුරු කණ්ණාඩි ගොඩක හිර කරනවා. ඒ වගේම ජෙසී කොහොම හරි අර රොස්ලින්වත් පරද්දනවා. ඒ විදියට ජෙසී එයාගේ පළවෙනි වැඩේ සාර්ථකව ඉවරයක් කරනවා. මේ හැමදේම වෙද්දි අනිත් ලෝක වලට යවපු ප්‍රශ්නයට උත්තරත් එනවා. සිස්කෝ එහෙම ඒ අයව පරික්ෂා කරනවා. එක එක ලෝකයේ එක එක වෙල්ස්ලා තමයි ඉන්නේ. ඉතින් මෙයාලා හැමෝම එකග වෙලා එක වෙල්ස් කෙනෙක් තෝරාගන්නවා. කොහොම හරි විවරයක් හරහා එයාව මේ ලෝකයටත් එක්කගෙන එනවා. ඒ වෙල්ස් එන්නේ 19වෙනි ලෝකයනුයි. එයා නම් ටිකක් විතර කවට කෙනෙක් වගේ. ඒත් එක්කම අනිත් පරණ වෙල්ස් එයාගේ ලෝකයට යන්න පිටත් වෙනවා.
ඉතින් මේ අලුතින් ආපු වෙල්ස් ටීම් එකට ගැලපෙයිද? එයා කොයි තරම් නම් දක්ෂ එක්කෙනෙක්ද? එතකොට නගරයට එන තර්ජන වලින් බේරාගන්න මෙයාට පුලුවන් වෙයිද? මේ හැමදේම දැනගන්න මේ කොටස බලන්න… . . ^_^
මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E05.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9802 downloads
<< Previous Episode All Episodes Next Episode>>