Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Black Stallion (1979) with Sinhala Subtitles|කළු අශ්වයා: උත්සාහය හා අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද ඉතින්! දන්නවනේ, මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් ඔන්න තවත් චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා.

හරි සලරුව දෙසට හැරුනොත් මේ තමයි The Black Stallion. නිකුත් වුණේ 1979 වසරේ ඔක්තෝබර් 17. ටිකක් පරණ වුණත් මේ සලරුව දෙන්න හිතුවේ “උත්සහවන්තයා ජය ගනියි” කියන එක මේකෙදී හොඳටම පැහැදිලි කරල ලොකු ආදර්ශයක් ලොකු පොඩි කාටත් ලබා දීම නිසයි. Walter Farley ගෙ නවකතාවක් වන මෙය Adventure, Family, Sport කියන වර්ගීකරණයට අයත් වෙනවා. Carroll Ballard අධ්‍යක්ෂණයෙන්ද, Melissa Mathison, Jeanne Rosenberg සහ William D. Wittliff කතාව රචනයෙන්ද දායක වෙලා තියෙනවා. ඇලෙක්සැන්ඩර් රැම්සි ලෙස Kelly Reno ද හෙන්රි ඩේලි ලෙස Mickey Rooney ද ඇලෙක්ගේ මව ලෙස Teri Garr ද ඇලෙක්ගේ පියා ලෙස Hoyt Axton ද රංගනයෙන් දායක වෙලා තියෙනවා.

කතාව පැත්තට හැරුණොත් මෙහෙමයි, ඇලෙක් රැම්සි කියන්නෙ සාමාන්‍ය ළමයෙක්. එයා එයාගෙ තාත්තා එක්ක නැවක සංචාරයක් යන අතරතුරේදී තමයි එයාගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂයක් සිද්ධ වෙන්නෙ. දවසක ඇලෙක්ට එක නැව් කුටියක ඉන්න කළු අශ්වයෙක්ව හමු වෙනවා. ඇලෙක් සමත් වෙනවා මේ අශ්වයගෙ හිත දිනාගන්න. මේ අශ්වයා නිකංම නිකං අශ්වයෙක් නෙමෙයි අරාබියේ අභිරහස් අශ්වයෙක්. මේ දේවල් හැම එකකින්ම පසුව නැවේ අනතුරක් වෙනවා. ඇලෙක්ගේ පියා මේ අනතුරින් මිය ගියත් ඔහු ගෙ ජීවිතය අශ්වයා නිසා බේරෙනවා. කොහොම නමුත් පසුව හොඳම යාළුවො වන මොවුන් ඇලෙක්ට බ්ලැක්වත් බ්ලැක් ඇලෙක්වත් නැතිව බැරි තත්වයක් උදා වෙනවා. පසුව බ්ලැක් අතුරුදහන් වෙනවා. ඉතින් බ්ලැක්ව හොයාගන්න පුළුවන් වෙයිද කියල බලන්නකො! ඇලෙක් හොයාගෙන යද්දි හෙන්රි ඩේලි කියන හිටපු රේස් පුහුණුකරුවෙක්ව හමුවෙනවා. ඇලෙක්ගෙ හිතෙත් අශ්ව රේස් එකක් යන්න ආශාවක් තියෙනවා. ඒ ලෝකෙ වේගවත්ම අශ්වයන් එක්ක. හැබැයි ඔහුගෙ මවනම් එයට විරුද්ධයි. ඉතින් ඒ හීනේත් සැබෑ වෙයිද? කතාව මොන විදිහට සිද්ධ වෙයිද? කියලා කතාව අරගෙනම බලන්නකෝ…

මොන දේ සිද්ධ වුණත් අවසානයෙදි කියන්න තියෙන්නෙ උත්සහවන්තයා ජය ගන්නවා. අසමත් වීම්, ප්‍රශ්ණ සහ අභිගෝග එයි. නමුත් වටින්නේ උත්සහයයි. ඒ වගේම විශ්වාසයත් වැදගත්.

එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන අයව ගොඩක් අගය කරනවා. තවත් උපසිරසකින් හමුවෙමු. ජය…

The Black Stallion (1979) on IMDb

 

 

1.85 GB (1080p.BRRip) කොපිය මෙතනින් බාගන්න

a8b712a6eca12f873da01e4301ebf1ac3447b791
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>