Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Top Gun (1986) with Sinhala Subtitles |ප්‍රහාරක ගුවන් යානා මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Top Gun (1986)

මේ මගේ දෙවැනි උපසිරසි නිරමාණය වන අතර , මගේ පළමු උපසිරසි නිර්මාණය උනේ Barbie Star Light Adventure (2016). ලැබුණු ප්‍රතිචාර හොද උනු හින්ද මට තව චිත්‍රපටියකට සිංහල උපසිරසියක් කරන්න හිතුනා . මම තොර ගත්තේ “Top gun (1986)” මේ මිනිත්තු 109ක් පුර දිව යන කතාවක් . මේක ඇත්තටම හොදම චිත්‍රපටියක් මම කාලෙකට ඉස්සල්ලා බලපු. මේකේ ප්‍රදාන චරිතය විදියට ඉන්නේ “Tom Cruise”, Tom Cruise තරුණ කාලේ චිත්‍රපටියක් මේක. ඒ වගේම මගේ ආසම නළුවා. දැන් කතාව පැත්තට හැරෙමු.

මේක ගුවන් ප්‍රහාරක යානා (ජෙට්) ගැන උගන්වන පාසලක් වටා තමා ගෙතිලා තින්නේ. මේ පාසලේ ඉන්නේ හොදම අයගෙත් හොදම අය. ටොම් කෘස් මෙතනදී රගපාන චරිතය “පීට් මිෂෙල් “, කෝඩ් නේම් එක වෙන්නේ “මර්වින්”. පීට් මිෂෙල් ගේ තාත්තගේ අඩි පාරේ ගිහින් තමා ප්‍රහාරක යානා නියමුවෙක් උනේ. පීට් මිෂෙල් ගේ තාත්තට සිදු උණු දේ බලන්න චිත්‍රපටිය බලන්න වෙනවා… එතකොට ප්‍රදාන නිළිය වෙන්නේ “Kelly McGillis”, රගපාන්නේ  “චාර්ලි බැක්වුඩ් ” කියන කෝඩ් නේම් එක යටතේ, “Top gun” කියන්නේ  ප්‍රහාරක ගුවන්  යානා තරගයක්. මේකෙදි ඔයාලට බලන්න පුළුවන් ජෙට් වලින් දාන සුපිරිම වැඩ ටිකක්. හැම නියමුවකුටම සහයකයෙක් ඉන්නවනේ, පීට් මිෂෙල් ගේ සහයකයට මොකද වෙන්නේ බලන්න? “චාර්ලි” කියන්නේ ඇත්තටම කව්ද? මේ ගැන හොයාගන්න නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය බලන්න වෙනවා.

මම හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා. ඔයාලගේ අදහස් මට ඇත්තටම වටිනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් !!

Top Gun (1986) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Top Gun (1986) 1080p BrRip x264 1.29GB YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>