ආයුබෝවන් හැමෝටම!!!! ඔන්න මගේ 1වෙනි සබ් එක අරන් ආව. පාඩම් වැඩත් තියන හින්ද ටිකක් විතර ලොකු කාලයක් ගියා මේක කරන්ඩ. හැමදාම ෆිල්ම් බල බල ඉන්න එකේ මටත් හිතුන සබ් එකක් කරල ඔයගොල්ලන්ට සප් එකක් දෙන්ඩ. ඒවගේම මේක මගේ 1වෙනි සබ් එක හින්ද වැරදි, අඩුපාඩු එහෙම ඇති. ඉතිං මට කරන උදව්වක් විදිහට වැරදි, අඩුපාඩු වගේම නින්දා, ප්‍රශංසා, විවේචන එහෙම තියනව නම් මේ හැමදෙයක්ම වගේ කොමෙන්ටුවකින් කොටල යන්ඩ කියල ඔයාලගෙන් ඉල්ලනව.
චිත්‍රපටිය දිහාවට හැරුනොත් ප්‍රධාන චරිතය විදිහට Jim Carrey රංගනයෙන් දායක වෙනව. Jim Carrey කියනකොටම මතක් වෙන්නෙ ඉතින් ඇඩෙනකම්ම හිනාවෙන්ඩ පුළුවන් විදිහට රඟපාන චරිතයක්නෙ. ඒත් මේ කතාව නම් ටිකක් විතර වෙනස් විදිහෙ එකක්. වැඩියෙ හිනාවෙන්ඩ නෑ. ඒත් IMDb අගය නම් 8.1ක් ලැබිල තියනව. Peter Weir විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ජීවිතේදි තනි වෙන එක ගැන හොඳ අත්දැකීමක් අපිට ලබාදෙනව.
Truman Burbank විදිහට රඟපාන Jim Carrey ඉගනගන්න කාලෙ හම්බෙන සිල්වියා එක්ක ඇතිකරගත්තු සම්බන්දෙ දවසක් යන්ඩත් කලින් අවාසනාවන්ත විදිහට නතර කරන්ඩ මෙයාට සිද්ධ වෙනව. සිල්වියව හම්බුන දවසෙම ටෘමන්ගෙ කරේ එල්ලුන මර්ල් කියන කෙනාව කසාද බැදපු ටෘමන්, සතුටින් පවුල් ජීවිතේ ගත කරන රක්ෂණ සමාගමක වැඩ කරං පාඩුවෙ ජීවත් වෙන සාමාන්‍ය චරිතයක්. මොනාඋනත් හැමකෙනාම වගේ මෙයාව හොඳට අදුරනව. ඒවගේම මෙයා සිල්වියව නම් අමතක කරන්නෙම නෑ. සිල්වියව හොයන්ඩ ෆීජි වලට යන්ඩ හැදුවත් හැම පැත්තෙන්ම බාධා.
වේලාසනින් යන කුරුල්ලගෙ පාසි නොබැදේ
පෙරලෙන ගල පණුවව අල්ලගනී
-Truman Burbank-
නෝන එක්ක පොඩි වලියක් දාං පස්සෙ මෙහෙම කියල තමයි ටෘමන් එයාගෙ නෝනව shape කරගන්නෙ. ඒක අද කාලෙ පවුල් වල මහත්තුරුන්ට නම් හොඳ ආදර්ශයක් හොදේ.
Due to copyright issues, we do not provide any torrent links.
The.Truman.Show.1998.720p.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
197 downloads