නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය
ඔන්න එහෙනම් මගේ තුන් වැනි උපසිරස ගැන්වීම විදියට ආදර කතාවක් ගැන තියන ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. මීට කලින් My Dog Skip සහ Savior කියන චිත්‍රපටිවලට මම උපසිරැස දුන්න මතකයි නේ. ඉතින් මේ සැරේ තවත් වෙනස් තේමාවකට යන්න හිතුවා. චිත්‍රපටියෙ නම තමයි Wicker Park. මේක තිරගතවීම ආරම්භකලේ 2004 සැප්තැම්බර් 3 වෙනිදා ඇමරිකාවෙදී. ඒවගෙම දැනට IMDb Ratings 7/10 ක ඉහල අගයක් අරගන්න සමත්වෙලා තියනවා. මේක පැය 1යි මිනිත්තු 54ක් පුරා දිවයන Drama | Mystery | Romance | Thriller කියන කාණ්ඩවලට අයත් චිත්‍රපටියක්. අධ්‍යක්ෂනය කලේ Paul McGuigan.
ආදර කතාවලට කැමති අයටනම් ගොඩක්ම හිතට අල්ලාවි කියල හිතනවා. ඒත් හැමෝටම ආසවෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක… අතීත සිදුවීමකුත් , වර්තමානයෙ සිදුවීම්නුත් ගලපමින් ගලා යන චිත්‍රපටියක් නිසා මුල් ටිකේ ටිකක් වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න අමාරු වෙන්නත් පුලුවන්. ඒත් ඒ නිසාම එක දිගට කුතුහලයෙන් බලන්න පුලුවන්. කොහොමහරි අන්තිමේදී ඒ සේරටම උත්තර හොයා ගන්න පුලුවන් වේවි…
ප්‍රධාන චරිතවලට Josh Hartnett සහ Matthew Lillard කියන කඩවසම් නලුවො දෙන්නයි, Diane Kruger සහ Rose Byrne කියන සුන්දර නිලියන් දෙන්නයි රඟ පානවා. මේ කියල තියන චිත්‍රපටි බලපු අයටනම් ඔවුන්ව මතක ඇති. Josh Hartnett Pearl Harbor (2001) චිත්‍රපටියෙත්, Matthe
චිත්‍රපටිය ගැන තව විස්තර ටිකක් මීට පෙර පළකරල තියන ලිපියෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුලුවන්. ඒවගේම චිත්‍රපටිය බලපු අය ඒ ගැන පහලින් දාල තියන comment වලිනුත් චිත්‍රපටිය ගැන අදහසක් ගන්න පුලුවන් වේවි. ඉතින්, උපසිරස ලබාදෙද්දී, වෙනදා වගේම මම විමසීම් කරන සමන් ප්‍රසාද් සොහොයුරා ඇතුලු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සියලුම දෙනාව මේ වෙලාවෙ මතක් කරනව. අවසානවශයෙන්, මේ ගැන ඔයාලගෙ අදහස් පළකරල යන්න අමතක කරන්න එපා කියන ගමන් තවත් චිත්‍රපටියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්.
ඔයාල කාටත් ජය වේවා. බුදු සරණයි !
” ආදරය වෙනුවෙන් ඔබ උමතු දේවල් කරන්න උනත් පෙළඹෙන්න පුලුවන්…
ඒ හොඳ සිහියෙන් නොකරන දේවල්…
ඒවගෙම අවුරුදු මිලියනයක් ගියත් ඔයා කරාවි කියලා කවදාවත් නොහිතපු දෙවල්…”
# Wicker Park (2004)
ෆා ද බ්ලොගී ස්යුරිය විසින් ලියා තිබූ ලිපිය
ඔන්න නමෝවිත්තියෙන් කියලා මමත් ලිපියක් දෙන්නයි යන්නේ. කට්ටිය කැමති ජාතියේ එකක්ද නම් දන්නේ නෑ. මටනම් නියම බයිස්කෝප් එකක් මේක. ටිකක් මොළේ කොලොප්පම් වෙන කතාවක් (මට එහෙම උනා… ). එහෙම කිව්වට නොබලා ඉන්න එපා ඔන්න. මේක ආදර කතාවක්. අමුතු ආදර කතාවක්. කතාව ටිකක් කියන්නම්කෝ.
ඔහු මැතිව්. වීදුරු කවුළුව තුළින් ප්‍රථම වතාවට ලීසා දකින මැතිව්ගේ හිත ඇය කෙරෙහි ආදරයෙන් වෙලී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නොබෝ දිනකින් ඔවුන් එකිනෙකාට ගොඩාක් ආදරය කරන පෙම්වතුන් බවට පත්වෙනවා. මේ අතර මැතිව්ට නිව්යෝක් නගරයේ රැකියාවක් ලැබෙනවා. මැතිව් ලීසා හමුවී තමන් සමඟ නිව්යෝක් හි පදිංචියට යෑමට යෝජනා කරන නමුත් ලීසා ඊට පිළිතුරු දීම හෙටට කල් දමා හදිසියේම අතුරුදහන් වෙනවා.
ඉන් වසර දෙකකට පසු එක්තරා අවන්හලකදී මැතිව් හට ලීසාගේම හැඩරුව ඇති තරුණියක් දක්නට ලැබෙන අතර ඇය පිළිබඳ ලැබෙන හෝඩුවාවන් පසුපස යමින් ලීසාව සොයන මැතිව්ට හමු වන්නේ ලීසාගේ නමම ඇති වෙනත් තරුණියක්.
ලීසා අතුරුදහන් උනේ කොහොමද? ලීසා නමින් සිටින අනික් තරුණිය කවුද? මැතිව්ට ලීසා හමුවෙයිද? උත්තර හම්බවෙයි මේ අමුතු පහේ ආදර කතාව බැලුවම. මුල් පැය භාගෙදි කතාව නොතේරෙන අපබ්‍රන්සයක් කියලා බලන එක අතහැරලා දාන්න එපා..හොඳ අවධානෙන් අන්තිම වෙනකල් බලන්න…
Due to copyright issues, we do not provide any torrent links.
Wicker Park 2004 H264 DVDRip AAC-SecretMyth
330 downloads