කොහොමද යාළුවනේ. ඉතින් ඔන්න සුපුරුදු ලෙසම තුන් වෙනි සීසන් එකේ තුන් වෙනි සබ් එකත් අරන් ආවා. මේ දවස් වල ලොකු කට්ටක් කනවා සබ් කරන්න. මොකද ලැප් එකට බබා හම්බෙන්න ලන් වෙලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් සබ් ටික කරන් යනවා. මොකද පටන්ගත්ත වැඩක් නවත්තන්නෑ, ඉවර කරලා තමයි නවත්තන්නේ. ඒ කයිවාරු වැඩක් නෑ අපි කතාව පැත්තට එමු.
මේ වෙද්දි බැට්මෑන් ගොඩක් දුර ඇවිල්ලා. තනියෙන් පටන්ගත්ත අපරාධ වලට විරුද්ධව කරන සටනට දැන් සහයෝගයට බැට්ගර්ල් ඉන්නවා. (පිස්සු කෙල්ලෙක් නම් තමා, අඩුම ගාණේ නමට හරි ඉන්නව නෙ ) ඒ වගේම පොලිස් අධිකාරී ගෝර්ඩන් ඉන්නවා බැට්මෑන් ගේ උදව්වට. මම Commissioner කියන එක කොමසාරිස් නොකියා අධිකාරී කෑල්ලක් දැම්ම එකට කට්ටිය අවුල් ගිහින්ද දන්නෑ. මම කොමසාරිස් කියලා නොදැම්මේ, ලංකාවේ නම් කොමසාරිස් ලා නෑ නිසා. පොලිස් අධිකාරී වරු ඉන්නවා. (ෂුවර් නැත්නම් Google කරලා බලන්නකො
)
අද කතාව මෙහෙම එකක්, ඔයාලා හිතුවොත් මෙහෙම… බෲස් වේන්ට එයා බැට්මෑන් කියලා අමතක වුණොත් මොනා වෙයිද? පෙන්ගුයින් ගෙ පස්සෙන් පියාඹන්න ගිහින් බැට්මෑන් ට හරිම ජරමරයක් වෙනවා. එයාගෙ ඔළු ගෙඩිය වැදිලා වතුරට වැටෙනවා. ඒක නිසා එයාගේ තාවකාලික මතක අහිමි වීමක් වෙනවා. බැට්මෑන් ට හැමදේම මතක තිබුණත් එයාට බැට්මෑන් කියන්නේ තමන් බව අමතකයි. ඕන්න වැඩේ. කොහොමද ඊට පස්සේ කතාව යන්නේ කියලා ඔයාලම බලාගන්නකො. ගිහින් එන්නම් යාළුවනේ. ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
85 downloads