කලින් Episode එක ඉවර කරලා මේක බලන්න ගත්තේ. කලින් එකට වඩා මේකට ආස හිතුනා.ඒ නිසාද මන්දා මේක දවසින්ම ඉවර කළා .
කතාව ගැන කියනවනම් අනිත් නොවිසිඳුණු අභිරහස් වලට වඩා වෙනස් එකක් තමයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි විසඳන්න ලැබෙන්නේ.අවුරුදු 2ක පුංචි ළමයෙක් පාක් එකේදී සෙල්ලම් කෝච්චියට යට වෙලා මැරෙනවා. ඒක වෙන්නේ කවුරුවත් හිතන්නේ නැති විදිහකට. එයාගේ අම්මා එයාට යන්න බැරිවෙන්න ආරක්ෂාවට බඳ පටියකින් සින්ක් එකේ බැඳලා බැත්රූම් එකට යනවා.එලියට එද්දී ළමය නෑ. එයා බැලුමක් පස්සේ ඇවිදගෙන යනවා දකිනවා. බැලුම් යන්නේ අහසේ උඩ අතට වුනත් මේ බැලුම යන්නේ හරහට. ඒකත් හුලන් හමන දිශාවට ප්‍රති විරුද්ධ පැත්තට.ඒ බැලුම නවතින්නේ රේල් පාරේ. එවලේම සෙල්ලම් කෝච්චිය ඇවිත් රියදුරාට කෝච්චිය නවත්තගන්න බැරුව ළමයා යට වෙලා මැරෙනවා.මේක හදිසි අනතුරක් වගේ පෙනුනට විය නොහැකි සිදුවීම් තියන නිසා ස්කලීටයි මෝල්ඩර්ටයි පරීක්ෂා කරන්න වෙනවා. මරණ එතනින් නවතින්නෙත් නෑ.කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියල ඔයාලා කතාව බලලම දැනගන්නකො.
ඊලග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E21.The.Calusari.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
159 downloads