මේ පාර ඔයාලට අරගෙන ආවේ මලයාලම් සිනමා සිත්තමක්. 2014 තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මේක මගේ පලවෙනි මලයාලම් එක. මේක ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව කෙටියෙන් කිව්වොත්, රමේශන් කියන්නේ ඉගෙනීමට දක්ෂ ළමයෙක්. ඒත් එයා ක්‍රිකට් වලට ගොඩක් ආසයි. ඒවගේම එයා ක්‍රිකට් වල පිතිකරණයට ගොඩක් දක්ෂ කෙනෙක්. මෙයාලා ගමේ පොඩි පිට්ටනි වල තමයි සෙල්ලම් කරන්නේ ටෙනිස් බෝල් වලින්. රමේශන්ගේ තාත්තාගේ හීනය එයාව ඉංජිනේරුවෙක් කරන එක. රමේශන්ගේ වැඩේ දවසෙම යාළුවෝ එක්ක ක්‍රිකට් ගහන එක. රමේශන්ගේ පාසල් ජීවිතේ ඔය විදිහට ගතවෙලා යනවා. රමේශන්ට ලස්සන ආදර කතාවකුත් තිබුණා. ඉතින් එතනින් පස්සේ මොනවද උනේ. රමේශන්ගේ තාත්තා හිතපු විදිහට එයා ඉංජිනේරුවෙක් වෙයිද? නැත්නම්.?? රමේශන්ට ඉන්නේ නියම යාළුවෝ සෙට් එකක්. එකාට එකා පණ ඇරලා. මේ කට්ටිය ජීවත් වෙන්නේ ලස්සන ගම්මානයක. ඉතින් කට්ටිය මොනවා කරයිද? ලංකාවේ වගේම ලස්සන පරිසරයක තමයි මේ ගම්මනේ පිහිටලා තියෙන්නේ. පොල් පිති බැට් වලින් ක්‍රිකට් ගහපුවා ආයිත් මතක් කරගන්න පුලුවන්. රමේශන්ගේ පුතා කන්නන්, ටිකක් පහුවෙලා තමයි එලියට එන්නේ. පස්සේ කාලෙක රමේශන්ගේ ජීවිතේම එයා වෙනවා. මේක ගොඩක් ලස්සන කතාවක්. නිකන් හින්දි මොඩ්ල් එකේ ක්‍රිකට් ෆිල්ම් වගේ ඉන්දියාව උඩ තියලා නෑ.
මේක මගේ 11වන සබ්ටයිට්ල් එක. AL කරලා ලැබුණු නිදහස් කාලේ තමයි සබ්ටයිට්ල් කලේ. ඇත්තටම මේකෙන් දැනෙන සතුට වෙන කොහොමවත් ලබාගන්න බෑ. දැනට නවතිනවා. ඔයාලා හැමෝටම කළුතර බෝසමිඳු පිහිටයි!!
Due to copyright issues, we do not provide any torrent links.
1983 (2014) – Malayalam – DVDRIP – 700 MB- X264 – AAC 5.1 – ESub
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
850 downloads