කොහොමද හැමෝටම.. ඔන්න අරගෙන ආවා ලෙජන්ඩ්ස් හයවැනි කොටස. සමාවෙන්න ඕනේ පමාවට. අචින්ත සහෝ කාර්යබහුල වීම නිසා මට තමා මේක කරන්න පැවරුනේ. ඊයේ හවස තමා මට වැඩේ බාරවුණේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනට කොටලා ගෙනාවා. හරි එහෙමනම් අපි කෙටියෙන්ම කතාව දිහා බලමුකෝ.
අදත් ඔන්න කණ්ඩායමට කාල අප්‍රේරණයක් ලැබෙනවා.ඒක සිද්දවෙන්නේ පැරණි බටහිර. ආ ඔව් ඔව් ජෝනා හෙක්ස් එහෙම හිටපු කාලේ තමා. ඉතින් මේ කාලෙට අපේ කණ්ඩායම කලිනුත් ගියා කියලා කට්ටියට මතක ඇතිනේ. අමායායි නේටූයි ඇරෙන්න අනිත් හැමෝම ගියා නොවෑ. ඉතින් ඔන්න කට්ටියම යනවා පැරණි බටහිරට. ගිය ගමන්ම දකිනවා ජෝනා හෙක්ස්ව කවුද සැට් එකක් එල්ලන්න යනවා. ඉතින් එයාව බේරාගෙන බැලින්නම් ඒකට වගකියන්න ඕනේ ටර්න්බුල් කියලා කෙනෙක්. කොටින්ම කිව්වොත් කාල අප්‍රේරණයට හේතුවත් මේ ටර්න්බුල්ම තමා. ඒක නිසා කණ්ඩායම ජෝනා එක්ක එකතුවෙලා වැඩ කරනවා.
හොදයි මේ ටික ඇති. කිව්වා වැඩිද මන්දා. හරි එහෙමනම් ලබන සතියේ අචින්ත සහෝ සුපුරුදු ලෙස ඔයාලට උපසිරැසිය ගෙනෙයි. එහෙමනම් මං කැපෙනවා. යලිත් සුපර්ගර්ල් තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
DCs.Legends.of.Tomorrow.S02E06.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3692 downloads
<< Previous Season All Episodes Next Episode >>