Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Superman IV: The Quest for Peace (1987) with Sinhala Subtitles |සුපිරි මිනිසා 4 [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Superman IV-The Quest for Peace (1987)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසු එක් වෙනි උපසිරැසිය අරගෙන ආවා. මම දැනට දෙමින් පවතින සුපර් මෑන් කතා මාලාවේ පස්වන කොටස වගේම සුපර් මෑන් හා සම්බන්ද හතරවන චිත්‍රපටය. Action, Adventure, Family ගණයට අයිතිවෙන මෙම චිත්‍රපටය IMDb 3.6 වැනි සුළු අගයක් ගත්තත් ලිබර්ටි ප්‍රතිමාව බේරා ගැනීම වැනි දර්ශන සහිතව මෙම චිත්‍රපටය නිර්මාණය වෙච්ච කාලයේ තිබුන තාක්ෂනය උපරිම බාවිතයෙන් නිර්මාණය කරන ලද එකක් කියුවොත් නිවැරදියි.

කතාව කෙටියෙන් කියනවා නම් සුපර් මෑන් විසින් සිර ගෙයට යවන ලද ලෙක්ස් ලුතර් හිරෙන් පැනල අසාමාන්‍ය බලයක් තියන මිනිසෙක් නිර්මාණය කිරීම සහ ඔහු ලවා සුපර්මෑන්ට පහර දීම මුලිකවම  සිදුවෙනවා. ඊට අමතරව ඇමරිකාව සහ රුසියාව අතර පරමාණු යුද්දයක් ඇතිවෙන්න යනකොට එයට මැදිහත්වීම, ඩේලි ප්ලනට් පත්තරේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් චිත්‍රපටය සම්පුර්ණ කරනවා. ඔයාලට චිත්‍රපටය බලලම තීරණය කරන්න කියල කියනවා..

මේ චිත්‍රපටයට පසුව මෙම කතාමාලාවේ තවත් කොටසක් නිර්මාණය වෙන්න නියමිත වෙලා තිබුනත් චිත්‍රපටයේ අයිතිය ගැන වෙච්ච ගැටළු හින්ද එය නිර්මාණය වෙන්නේ නැ. ඒක හින්දා මේ චිත්‍රපට මාලාව මෙතනින් අවසන් වෙනවා. මම ඊළඟට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ මම දැනට දෙමින් ඉන්න ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්. ඉතින් එකත් අරන් ඉක්මනට එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

බුදු සරණයි…!

Superman (1978) | සුපිරි මිනිසා 1

Superman II (1980) | සුපිරි මිනිසා 2

 
 

Superman III (1983) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>