Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Arya (2004) with sinhala subtitles |ඔබ වෙනුවෙන් මිය යමි [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Arya (2004)

මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා, මම ඔයාව එක පාරක් දැකගන්න මිලියන වතාවක් වුනත් මැරෙනවා

හලෝ යාළුවනේ! අම්මෝ; ඔයාල වැරදියට හිතුවද? මම නෙමෙයි මෙහෙම කියන්නේ. මෙහෙම කියන්නේ මම අද අරන් ආව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නොහොත් ආර්ය කියන කෙනයි. මේ මගේ 4වන නිර්මානයයි. මම හිතනවා ඔයාල මේකෙ දෙවැනි කොටහ බැලුව කියලා. Arya 2. ඕක කලින්ම දීලා තිබ්බනේ.

මේ උපසිරැසිය ටිකක් විශේෂ එකක්. මොකද මට මුල්ම වතාවට හිතුනා තෙළිඟු ෆිල්ම් එකකට සබ් දෙන්න. මොකද, මම බාරගත්ත අනිත් චිත්‍රපට එකක්වත් ඉන්දීය සිනමා නෙමෙයි! (පස්සෙ බලන්කෝ). මේක බාර අරන් නම් දැන් ගොඩක් කල්. වාර විභාගෙ හින්දා ඔක්කොම මග නැවතුනා. ඉතිං විභාගෙ ඉවර වුන ගමන් මම ඉතිරි ටිකත් හනිකට පරිවර්ථනය කලා. හරි, ඒකෙන් වැඩක් නෑ.

කතාවට මූලික වෙලා තියෙන්නේ කැම්පස් එකක්. ඒකෙ ඉන්නවා අජේ කියලා පොරක්. එයා ගීතාංජලී (ෂෝට් නේම් එක ගීතා. කතාවෙ තියෙනවා) කියන ගෑනු ළමයත් එක්ක ආදරය කරනවා. මම නම් කියන්නේ ඒක බලෙන් ආදරය කරවා ගැනීමක් කියලයි. ඔයාලත් පොඩ්ඩක් බලන්නකෝ. ඔන්න එතකොට අපේ කතාවේ වීරයා වෙන ආර්යත් ඒ කෙල්ලටම ආදරය කරනවා. එයා නම් පට්ට ටෝක් දෙන්නේ. ෂා… ගින්දර. අන්තිමට ඒ කොල්ලා ගොඩක් දුක් විඳලා කෙල්ලගේ ආදරය හිමි කරගන්නවා. පැය 2.30 පුරාම ඒ තුන්දෙනාගෙ ආදරනීය කතාව තමා තියෙන්නේ. ඒත් මේක ටිකක් විනෝදාත්මක කතාවක්ද කියලත් මට හිතෙනවා. මට නම් හිනාගිහින් පණයනවා මේක බලද්දි. කොහොමවුනත් මේක අපේ දැන්කාලේ සහෝදර සහෝදරියන්ට වඩාත් සුදුසුයි. මේකෙ තියෙන ගීත නම් ඉතාමත්ම විශිෂ්ඨයි. ඒවායෙනුත්, Feel my love, Oh my brother, I’m hearing a song කියන ගීත තුන නම් මගේ හිතට අල්ලලා ගියා. කොහොම වුනත් Aashiqui 2 ෆිල්ම් එකෙන් පස්සේ මම කැමතිම ඉන්දියානු ආදර අන්දරය තමයි මේක.

ආ, මේ චිත්‍රපටය මගින් සිංහල චිත්‍රපටයකුත් හදලා තියෙනවා. (හරියට නිකම් “Kanchana” වලින්මායා හැදුවා වගේ.) ඒ තමයිආදරයේ නාමයෙන් කියන චිත්‍රපටය. මමත් ඒක දැනගත්තේ අද උදේ. ඔය මදෑ. කට්ටියම මේක බලලා විනෝද වෙන්නකෝ.

කමෙන්ටුවක් දාන්න හොඳද යාළුවනේ. වැඩිය ලියන්න තරම් දෙයක් නෑ. එහෙනම් මම ගියා. සීතල දෙසැම්බර් මාසෙම ඔයාලට දෙන්න උපසිරැසි ගොඩාරියක් තියෙනවා. ඒවත් මම ඉක්මනට දෙන්නම්කෝ. එහෙනම් බුදු සරණයි. ඔන්න ඉතිං කමෙන්ට් එකකුත් දාගෙනම යන්න යාළුවනේ…!

Arya (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arya (2004) DVD9-Rip – X264 – AAC – Subs – 1 CD – RajMahal

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>