ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට යන එන සියළු දෙනාටම. මේ තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. සමහරු නම් දැනටමත් මේ ෆිල්ම් එක බලලත් ඇති. ගොඩක් දෙනෙක් මේ ෆිල්ම් එක බලල නැති වුණාට මේ ෆිල්ම් එකේ වීඩියෝ ක්ලිප්, GIF ඉමේජ් එහෙම බලල ඇති ෆේස්බුක්, යූ ටියුබ් වගේ තැන් වලින්. මාත් ෆේස්බුක් එකේ වීඩියෝ ක්ලිප් එකක් දැක්කට පස්සෙ තමයි මේ ෆිල්ම් එකේ නම හොයාගෙන බයිස්කෝප් එකේ සර්ච් කළේ. ඒත් මට ඒක හම්බ වුණේ නෑ. පස්සෙ තමයි ටොරන්ට් සර්ච් කරලා බාගෙන සබ් එකක් හදන්න හිතුවෙ. ඉතින් මට හිතුනා ඒක තනියම නොබලා අනිත් අයටත් බලන්න බයිස්කෝප් එකට දාන්න ඕනෙ කියලා.
මේ ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන කියනවා නම් මේක IMDb අගය 5.4 ක් ගත්තු කොරියානු චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාවටම හාස්‍යය පැතිරිලා තියෙනවා. කාන්තාධිපත්‍ය බලවත් වෙච්ච ගමක ජීවත්වෙන දුර්වල තරුණයෙක් මුල්කරගෙන තමයි චිත්‍රපටය ගලාගෙන යන්නෙ. කාන්තාවන්ගෙ උසුළු විසුළු වලට ලක් වෙවී ඉන්න මේ තරුණයට හදිස්සියෙම විශාල ශක්තියක් ලැබෙනවා. ඉන් පස්සෙ මුළු ගමටම සිදුවීම් ගණනාවකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් වැඩිය කියන එක හරි නෑනෙ. බලලම රසවිඳින්න කියල මම හැමෝටම ආරාධනා කරනවා. හැබැයි මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු ෆිල්ම් එකක් බව මතක් කරන්න කැමතියි.
මේ මගේ පළවෙනි නිර්මාණය නිසා මේ ටිකත් කියන්න ඕනේ. සාමාන්‍ය උපසිරැසි ලිවීමේ නීතිරීති හැම එකක්ම වගේ උපරිමයෙන් රකින්න මම උත්සාහ කළා. ඒ වගේම සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි භාෂාව සිංහලට පරිවර්තනය කරන එකෙන් එහාට ගිහින්, ෆිල්ම් එකේ රසවින්දනයට බාධාවක් නොවෙන විදිහට, කතා කරන සරල සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන්නත් මම උපරිමයෙන් උත්සාහ කළා.
කොහොමහරි මට මේ සබ් එක ලියල ඉවර කරන්න එක දවසයි ගියේ. මුලින් හිතුවට වඩා සබ් ලියන එක ගොඩක් ලේසියි වගේ. ඒ නිසා දිගටම බයිස්කෝප් එකට ලියන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි අත්දැකීම නිසා මේකෙ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම තියෙනව නම් කමෙන්ට් එකක් දාල කියන්න අමතක කරන්න එපා. ඊළඟ නිර්මාණය සාර්ථක කරගන්න මට ඒක ලොකු උදව්වක් වේවි.
එහෙනම් තවත් මේ වගේම නිර්මාණයකින් ආයෙත් ළඟදිම මුණ ගැහෙමු. හැමෝටම සුබ දවසක්. බොහොම ස්තුතියි, බයිස්කෝප් වෙබ් අඩවියේ හැම දෙනාටම මට මේ අවස්ථාව ලබා දුන්නට!
YourBittorrent අඩවියේ අදාළ ටොරන්ට් ෆයිල් එක පවතී.
Due to copyright issues, we do not provide any torrent links.
A Tale of Legendary Libido
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
485 downloads