Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

War Pigs (2015) with sinhala subtitles |හිට්ලර්ගේ ශඩ්පාද ආයුධය සොයා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

War Pigs (2015)

මම කැප්ටන් හාන්ස් පිකෝල්ට් මට අලුතින් මෙහෙයුමක් හම්බෙලා තියනවා. අපේ අලුත්ම කාණ්ධායම තමා War Pigs. අපේ කණ්ඩායමේ නායකයා තමා කැප්ටන් ජැක් වොසික්. ජැක් වොසික් කියන්නේ පිට පිටම අසාර්තක උන නායකයෙක්. ඔහු කිහිප වරක්ම ඔහුගේ කාණ්ඩායම සම්පූර්නයෙන්ම නැති කරගෙන තියනවා.  වගේම අපිට මේ මෙහෙයුම සදහා පණ්ඩිත අපතයෝ වගයක් පුහුනු කරලා අරගෙන යන්න තියනවා.  මුන්ගෙන් ඕගස්ට් කියන එකාට හැකර කටක් තියන්නේ උව පාලනය කරන එක තමා අමාරුම.  මම සහ කැප්ටන් වොසික්ට මේ පණ්ඩිතයින්ට පුරුදු කරන එක නම් ලොකු අභියෝගයක් උනා. අපිට ඊට වඩා තියන ලොකුම අභියෝගය තමා හිට්ලර්ගේ ශඩ්පාද ආයුධය හොයා ගන්න එක.

මොකක්ද මේ හිට්ලර්ගේ ශඩ්පාද ආයුධය? දිගින් දිගටම අසාර්තක උන නායකයෙක් යටතේ මේ අභියෝගය සාර්තක කරගන්න පුලුවන් වෙයිද? මේ පන්ඩිත අපතයෝ ටික පාලනය කරගන්නේ කොහොමද? කියන දේවල් වලට උත්තර හොයා ගන්න නම් මේ ෆිලුම බලන්නම වෙනවා. යුද්ධයේ තියන කුරිරු බව, යුද්ධයට හිර වෙලා ඉන්න සොල්දාදුවන්ගේ හැගීම්,තම සගයන් නැති වෙන විට ඇති වෙන හැගීම් වගේ දේවල් මේකේ හොදින් පෙන්නලා  තියෙනවා.

මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Ryan Little. වගේම සුපිරි නලු Dolph Lundgren තමා කැප්ටන් පිකෝල්ට්ට රංගනයෙන් දායක වෙන්නේ. දන්නවානේ ඉතින් පොරගේ රගපෑම් ගැන. ඒ වගේම Luke Goss කැප්ටන් ජැක් වොසික් ලෙසද  අපි කව්රුත් දන්න Ryan Kelley විලියම් යෝර්ක් ලෙසද රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එක Action | War කියන ඝනයට තමා වැටෙන්නේ. මේක Release වෙලා තියන්නේ 2015 සැප්තැම්බර්වල වගේම විනාඩි 91ක කාලයක් ෆිල්ම් එක ධාවනය වෙනවා. Mickey Rourke සහ  Dolph Lundgren එකට රංගනයෙන් දායක වෙන දෙවන ෆිල්ම් එක තමා මේක මොවුන්  දෙන්නා කලින් එකට රංගනයෙන් දායක වෙලා තියන්නේ පලවෙනි expendables ෆිල්ම් එකේ විතරයි.

සැ.යු. – ෆිල්ම් එකේ War Pigs කියන  වචනේ  එහෙම්මම තිබ්බා මොකද යුධ උරෝ කියලා කියන එක කැතයි කැතයි වගේ හින්දා.

War Pigs (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

War.Pigs.2015.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>