කේසීගේ ගෙදර අයත් කන්‍යාරාමයට ආවා. රේගන් මැක්නියල්ව දැක්කම තමයි ඩීමන් පවා ආවේශ වෙන්න ගන්නේ. ඊටපස්සේ කේසිගේ අක්කා, තාත්තා මේ හැමෝවම නොමග යවන්න හැදුවා ඕනේ නැති දේවල් කියලා. තෝමස් හා මාකස් දෙන්නව කොටවලා මරාගන්න හැදෙව්වා. පස්සේ ඇන්ජෙලා පවුලේ අය එක්ක කතාවුණා කේසීට හොද වුනාම මෙහෙන් යන්න ඕනේ ඒ නිසා එයා එහෙ නවතින්නම් ගිහින් බඩු පැක් කරගන්න කියලා. කේසී ඉන්න තත්වය ගැන මුළු රටම දන්න නිසා මාධ්‍යන්ගෙන් ඒ කන්‍යාරාමයම වටකරගෙන තිබුනේ. කොහොමෙන් කොහොම හරි මේ ඩීමන්ට ඕනි දේ දෙන්න වුණා. මොකද කේසීව හොද කරගන්න බැරි තත්වයට පත්වෙලා තිබුණු නිසා. පස්සේ ඇන්ජෙලාවත් ඇතුලට ගත්තා. මේ අතර අපිට දැකගන්න ලැබුණා ඇන්ජෙලා එහෙමත් නැත්තම් රේගන් මැක්නියල් එක්ක අර මිනිහා කරපු කියපු දේවල්. ඇන්ජෙලා මුලින් අපට කිව්වේ මනකල්පිත යාළුවෙක් කියලා. නමුත් එහෙම කෙනෙක් නම් නෙවෙයි. රේගල් පුංචි කාලේ සත්තු වත්තේ ඉන්නකොට එහෙ හිටිය ජායාරූප ගන්න මිනිහ තමයි පස්සේ ඇන්ජෙලා පස්සේ ඇවිත් තියෙන්නේ. පස්සේ කේසීගේ ඇගෙන් නම් ඩීමන් ගියා. නමුත් ඒ මිනිහා කාගේ ඇගටද වැහුවේ කියලත් දකින්න ඇති අවසානයේදී. පාප් වහන්සේගේ පා ගමනට එරෙහි වුන අයව පොලිසියට අල්ලලා දුන්න තරහට බෙනෙට්ට මරණය උරුම වුණා විශ්වාස නොකර ඉන්න අයව විශ්වාස කරන්න ගිහිල්ලා.
අද කොටසේ දැකගන්න පුලුවන් ඇන්ජෙලාට ආවේශ වීමත් එක්ක මොන වගේ සිද්දීන්ද වෙන්නේ කියලා. එතකොට අර ආවේශ වුනු අනික් අය? පාප් වහන්සේගේ ශුද්ධත්වය වෙනුවෙන් තියන පෙළපාලිය මොන වගේ දේවල්ද කරන්න සැලසුම් කරන් ඉන්නේ කියලා. බලලම ඉන්නකෝ එහෙනම්.
මේ අවුරුද්දට විකාශය වීමට ඇත්තේ තවත් එක් කොටසක් පමණයි. එහෙනම් සෙනසුරාදා නිකුත් වන (අවසන්)කොටසින් හමුවෙමු. කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Exorcist.S01E09.720p.HDTV.x264-AVS
The.Exorcist.S01E09.720p.HDTV.HEVC.x265-RMTeam
The.Exorcist.S01E09.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
8 downloads
<< Previous Episode All Episodes Next Episode >>