Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Beiimaan Love (2016) with Sinhala Subtitles |පළිගැනීම වෙනුවෙන් හඹා ආ, වෛරයේ ගිණි සිළුව (18+) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Beiimaan Love (2016)

ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන ඉක්මණටම ආවා. කට්ටියට මතකද දන්නෙ නැහැ Spectral (2016) චිත්‍රපටයේදී පොඩි ඉඟියක් දුන්නා තවත් චිත්‍රපටයක් මග එනවා කියලා. ඒ කිව්වේ මේ චිත්‍රපටය ගැන තමයි. ටික දවසකින් හින්දි චිත්‍රපටයක් දෙන්න බැරි වුණා නේද කියලා හිතමින් ඉන්නකොට තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ. එහෙනම්, වැඩි කතා අවශ්‍ය නැහැ, චිත්‍රපටය දිහාට හැරෙමුකො.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය ගැන නම් මං හිතන්නෙ අමුතුවෙන් විස්තර කරන්න වෙන එකක් නැහැ. තමන්ටම ආවේනික වූ ශෛලියකින් වර්තමාන බොලිවුඩ් පුරවරය කළඹවමින්, මිලියන සංඛ්‍යාත රසික රසිකාවියන්, සිය අයස්කාන්ත රූ සපුවෙන් මන්මත් කළාවූ, ‘බොලිවුඩයේ බෝනික්කිය’ සහ ‘Baby Doll’ යන ආදරණීය අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන්නාවූ Sunny Leone ප්‍රධාන රංගන දායකත්වය සහිතව, Thriller, Drama, Romance යන කාණ්ඩ යටතේ සිය තිරගතවීම ආරම්භ කරනුයේ 2016 වර්ෂයේ ඔක්තෝම්බර් 14 වෙනි දිනයි. ඊට අමතරව, Wajah Tum Ho (2016), Laal Rang (2016), Ek Paheli Leela (2015), Creature 3D (2014), Samrat & Co. (2014) ආදී චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි Rajneesh Duggal විසින් මෙහි සම ප්‍රධාන චරිතයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදෙනු ලබනවා.

මීට අමතරව, මෙම චිත්‍රපටය තුල අනිවාර්‍යයෙන්ම කතාකල යුතු දෙයක් තමයි සංගීතය. චිත්‍රපටය තුල, Ankit Tiwari, Kanika Kapoor, Raghav Sachar, සහ Sanjeev Darshan යන ගායක ගායිකාවන්ගේ අතිශය මිහිරි මනෝරම්‍ය ගායන ප්‍රතිභාවෙන් අලංකෘතවූ ගීත හයකින් සමන්විත වෙනවා. මෙම ගීත හයම ඉහලම රසාස්වාදයක් සහිතව නිර්මාණයකොට තිබෙනවා. කොටින්ම කිවහොත්, චිත්‍රපටයේ අන්තර්ගත කතාවට වඩා වැඩි අවධානයක්, සංගීතය සහ ගීත කෙරෙහි යොමුකොට තිබෙනවා. :D.

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ජයකෙහෙලි නංවන ලද ආයතනයක හිමිකාරීත්වය දරන්නාවූ අති දක්ෂ, සම්මානනීය, සුරූපී තරුණියක්‌… මෙම තරුණිය සමගින් බද්ධ වෛරයයෙන් පසුවන්නාවූ එක්තරා පියපුතු දෙපලක්… සමාජ ශාලාවකදී තමන්ට බලහත්කාරමක් කිරීමට පැමිණි ධනවත් ව්‍යාපාරික පුතුට සියළු දෙනා ඉදිරියේ අවමන් කල තරුණියක්… සියළුදෙනා ඉදිරියේ තමන් හට සිදුවූ අවමානය හමුවේ කෝපයෙන් ඔද වැඩී, තමන්ගේ පහත් ආශාවන් ඇයගෙන් සපුරාගෙන, ඇය විනාශ මුඛයට ඇද දැමීමට මාන බලන්නාවූ තරුණයෙක්… මේ පුද්ගලයින්ගේ ඉරණම් කුමන ආකාරයකින් විසඳේවිද…? සියල්ල ප්‍රේක්ෂක ඔබට බාරයි.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න.පුළුවන් නම් මුලින්ම පූර්ව ප්‍රචාරක පටය නරඹලාම ඉන්නකො.

තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

චිත්‍රපටයේ ඇතැම් දර්ශණ හේතුවෙන්, මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් බව කාරුණිකව සලකන්න.

Beiimaan Love (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beiimaan.Love.2016.Hindi.720p.HDRiP.x264.ShAaNiG

ලබා දී ඇති උපසිරසි සියලුම HDRiP සහ WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>