කාලෙකට පස්සේ ඔයාලත් එක්ක නැවතත් මුණගැහෙනවා ලස්සනම ලස්සන ඇනිමේශන් කතාවක් එක්ක. Stork ඇවිල්ලා ටික කාලයක් නම් වෙනවා තමයි. සමාවෙන්න ඕනි ඒ ගැන. මේ මගේ පළවෙනි ඇනිමේශන් ෆිල්ම් එක. හිතුවා වගේ හොඳ කතාවක් තියනවා. Imdb 7.0 එකක හොඳ අගයක් ලැබිලා තියනවා. ඔයාලා දන්නවද කාලෙකට ඉස්සර ළමයි නැති දෙමාපියන් වෙනුවෙන් කොක්කු ළමයි බෙදාහැරියා කියලා? බොරු නෙවෙයි. ඒත් ඒ කාලෙකට ඉස්සර. දැන් ඒක නවත්තලා තියෙන්නේ. දැන් එයාලා කෝනර්ස්ටෝ.කොම් කියන ඔන්ලයින් සාප්පු වෙබ් අඩවිය වෙනුවෙන් මිනිස්සු ඇනවුම් කරපු බඩු භාණ්ඩ බෙදලා දෙනවා. එයාලගේ ගෙදරටම. ඇයි එයාලා ළමයි බෙදාහැරීම නැවැත්තුවේ? ඒක අහන්න වෙන්නේ ජූනියර් ගෙන්. ජූනියර් කියන්නේ මේකේ ප්‍රධාන චරිතේ. බොසාගේ හිත දිනාගෙන පාඩුවේ වැඩ කරගෙන යන කොකෙක්. ඔව් ඔව් කොක්කු. මේ කතාව පුරාවට ඉන්නේ එයාලා. බොස් ඒ කියන්නේ කෝනර්ස්ටෝ එකේ ලොක්කා දවසක් මෙයාට කරන්න වැඩක් දෙනවා. ඒ එයාලාට වැඩ කරනවා කියලා තියන වැඩ ඔක්කොම කඩාකප්පල් කරන අනාථ ලමයෙක්ව ආපහු ගිහින් දාන්න. එයාව කෝනර්ස්ටෝ එකට සම්බන්ධ උනේ කියලා ඔයාලට කතාව අතරතුර දැනගන්න ලැබෙයි. ඒ අනාථ ලමයට වයස 20 ක් පිරුන හින්දා තමයි බොස් කියන්නේ මෙයාව ගෙනියන්න කියලා. ඒත් ජූනියර්ට එච්චර ගල් හිතක් නැහැ. මොකද එයාලත් එක්ක වැඩ කරපු වැඩියෙන්ම වැඩ අනාගන්න කොයිවෙලේත් කියවන කෙනෙක්නේ. ඒ නිසා එයාව බොස්ට හොරෙන් පොඩි රස්සා කෑල්ලක් දෙනවා. ඔය සිද්දි ඔහොම වෙද්දී තවත් කොක්කු පොඩි බබාලව බෙදාදෙනවා කියලා හිතාගෙන ඔන්න පිරිමි ළමයෙක් කෝනර්ස්ටෝ එකට ලියුමක් ලියනවා එයාට මල්ලි බබෙක් ඕනි කියලා. මොකද එයාලට සෙල්ලම් කරන්න කවුරුත් නැති නිසා. එයාලගේ අම්මයි තාත්තයි කොයි වෙලේ බැලුවත් රාජකාරියේ. දවස පුරාම පරිගණය දිහා බලාගෙන වැඩ. එයාලා ගාඩ්න්ර්ස්ලා. පිරිමි ලමය එක්ක විනාඩියක් වත් ගත කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මෙයාට මල්ලියෙක්ගේ අවශ්‍යතාව හොඳට දැනෙනවා. ඒත් ඉතින් කොක්කු බබාලව බෙදන්නේ නැහැනේ. බලමු මොකද වෙන්නේ කියලා. අපි එහෙනම් සමුගන්නවා. නැවත උපසිරැසියකින් මුණගැහෙමු.
ජය ශ්‍රී
වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය contact@baiscopelk.com යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Storks.2016.BDRip.x264-DRONES + YTS.AG
Storks.2016.720p.BluRay.H264.AAC-RARBG
Storks.2016.BluRay.720p.x264.Ganool
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1406 downloads