Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Magnificent Seven (2016) With Sinhala Subtitles |විශිෂ්ඨ හත් දෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Magnificent Seven (2016)

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා.

මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. මේ අවුරුද්දෙ ආපු සුපිරිම western ෆිල්ම් එක එහෙම නැත්තන් cowboy ෆිල්ම් එකක් කියලත් කියන්න පුලුවන්. කතා කරන්න දෙයක් නෑ සුපිරිම වෙඩි ෆයිට් ටිකක් එහෙම බලාගන්න පුලුවන්.

රෝස් ක්‍රීක් කියන නගරෙ රත්තරං යහමින් තියන නගරයක්. ඉතින් මේ නගරෙට එන දුෂ්ට රන් පතල් කාරයෙක් මිනිස්සුන්ගෙන් මේ ඉඩම් ඉල්ලලා මිනිස්සුන්ට කරදර කරනවා. දෙන්නෙ නැති මිනිස්සුන්ව මරලා දානවා අමු අමුවෙ. ඉතින් එක්තරා වරෙන්තු නිලධාරියෙක් තව හය දෙනෙකුත් එක්කහු කරගෙන මේ දුෂ්ටයට එරෙහිව ගෙනියන සටන ගැන තමයි මේ ෆිල්ම් එකේ කියවෙන්නෙ. ඉතින් මේ හත් දෙනා නිකම්ම නිකන් අය නෙවෙයි, නමින්ම පේනවනේ, තුවක්කු කාලා වතුර බීපු කට්ටිය.

ඉතින් ෆිල්ම් එකේ රඟපාන්නෙ හොඳටම දන්න කට්ටිය. මතකනේ Training Day ෆිල්ම් එකේ හිටපු Denzel Washington සහ Ethan Howke. ඒ දෙන්නම මේකේ ඉන්නවා. එතකොට Chris Pratt එහෙමත් ඉන්නවා. ඉතින් ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑ. සුපිරි ෆිල්ම් එකක්. ෆිල්ම් එකට IMDB එකේ 7/10 ක අගයක් හම්බ වෙලා තියනවා. rotten tomatoes එකේ හම්බවෙච්ච අගය 63%ක්. ඉතින් තව උපසිරැසියකින් හම්බවෙමු. හොඳ නරක ඕන එකක් comment එකක් දාලා කියන්නත් අමතක කරන්න එපා. ඔබට ජය!

වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය contact@baiscopelk.com යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.

The Magnificent Seven (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

2016.720p.BluRay.x264-[YTS.AG]

The.Magnificent.Seven.2016.BRRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>