Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

CSI: Cyber (TV Series 2015–2016) [S01 : E01] with Sinhala Subtitles |පැහැර ගත්තා කියලා අපෙන් බේරෙන්නද ? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

CSI Cyber TV1

හැමෝටම සුභ දවසක් කියලා තවත් කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම් වෙන්නේ. ඇත්තටම කිවොත් මම හසන්ත අයියා ගෙන් ඒ වගේම විමා ගෙන් සැහෙන්න බැනුම් අහපු කතා මාලාවක් කියලා කිවොත් වැරදි නැ. මොකද ඉතින් දැන් මම දෙන උපසිරසි වලටත් කලින් තමා මේක භාර ගත්තේ. කොහොම කොහොම හරි ඒක මග හැරි හැරි තිබිලා අද ඉදන් දවසක් හැර දවසක් කතා මාලාව ලබා දෙන්න තමා මේ සුදානම් වෙන්නේ. බය වෙන්න කිසිම හේතුවක් නැ කතා මාලාව මග නවත්වන්නේ නැ.බයිස්කෝප් අඩවිය කොහොමත් කතා මලා මග නවත්වන්නේ නැතිව කොහොම හරි දෙන්න ගොඩක් උත්සහ කරනවනේ.

එහෙමනම් කතාව දිහාට

ඇත්තම කිවොත් මේක සීසන් දෙකක් විකාශය වෙලා තියනවා 2015 – 2016 , පලවෙනි කතා මාලාවට කොටස් 13 කුත් , දෙවනි කතා මාලාවට කොටස් 18 කුත් විදිහට, අද ඉදන් පලවෙනි කතා මාලාවේ කොටස් 13 දවස් 26කින් ඉවර කරන්න වගේම කතා මාලාවට තියන ප්‍රතිචාර මත ඉතින් දෙවනි කතා මාලාවත් අරගෙන එන එක ගැන හිතමු.  හැකින් වැඩ ගැන , සයිබර් අපරාධ ගැන , පොලිස් කාර්ය පටිපාටික , අපරාධ දර්ශන විමර්ශන කැමති අය අතාරින්න හොද නැති කතා මාලාවක් විදිහට මේක නම් කරන්න පුළුවන්.

Patricia Arquette       —–>    Avery Ryan
James Van Der Beek —–>    Elijah Mundo
Peter MacNicol           —–>    Simon Sifter
Shad Moss                   —–>    Brody Nelson
Charley Koontz           —–>    Daniel Krumitz
Hayley Kiyoko        —–>   Raven Ramirez  විදිහට චරිත නිරුපනය කරන CSI: Cyber (Crime Scene Investigation: Cyber)  CBS නාලිකාවේ විකාශය වුන මේ කතා මාලාවේ කොටස් කතාංග විදිහට විකාශය වෙලා තියනවා වගේම මුහුණ දෙන්න වෙන හැම ප්‍රශ්නයක්ම FBI විශේෂ නියෝජිත අවෙරි රයන් හා ප්‍රධානි සිමොන් සිෆ්ටර් ගේ මග පෙන්වීමෙන් කණ්ඩායමේ සාමාජිකයන් විසදන ආකාරය විදහා දක්වනවා වගේම කොටසෙන් කොටස ඉස්සරහට කතාව රසවත් උනා කියලා මට නම් දැනුනා.

අද ඉදන් මේ කතා මාලාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අද කොටස් ගැන සදහනක් කලොත්,

කණ්ඩායමට තවත් අලුත් සගයෙක් (බ්‍රොඩි නෙල්සන් ) එකතු වෙනවා වගේම පැහැර ගැනීමක් (ළමා වෙන්දේසියක් ) නතර කරන්න කණ්ඩායම වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න එකතු වෙන්න කියනවා වගේම , අද රසවත් හැබැයි අදට වඩා හෙට රසවත්.

CSI: Cyber on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

CSI Cyber S01E01 HDTV x264-LOL[ettv]

CSI.Cyber.S01E01.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                      All Episodes                      Next  Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>