Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Tharai Thappattai (2016) with Sinhala Subtitles |සංගීතය නමින් උපන්නෙමි, ප්‍රේමය නමින් මිය යමි! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Tharai Thappattai (2016)ඔන්න යාළුවනේ හුඟ කාලෙකට පසසේ නැවතත් කරළියට ආවා අළුත් උපසිරැසියක් ඇරන්. තාරෙයි තප්පටෙයි. සංගීතයට ආදරය කරන අය අනිවාර්යෙන්ම නැරඹිය යුතු සිනමා පටයක්. දමිළ ජන සංගීතය තම ජීවිතය කර ගත් එක්තරා සොඳුරු මිනිසුන් පිරිසක් වටා ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටයේ සංගීතය ගැන මම කියන්න අවශ්‍ය නැහැ මොකද මෙහි සංගීත අධ්‍යක්ෂක තුමා කවුදැයි ඇසූ පමණින් ඔබට වැටහේවි. ඒ තමයි ඉලයරාජා. ඊට අමතරව මේ චිත්‍රපටයේ සුපිරිම රංගනයක් සහ නර්තනයක් ඉදිරිපත් කරනවා වරලක්ෂ්මි සරත්කුමාර්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීන අධ්‍යක්ෂක බාලා. මෑත කාලයේ ජනප්‍රිය වුණ අධර්වාගේ සන්ඩි වීරන් චිත්‍රපටය නිෂ්පාදනය කලේ මෙතුමා තමයි. හොඳයි මම කතාව චුට්ටක් කියන්නම්.

පටන් ගැන්මම හරි අපූරුයි. ඩිස්කවරි නාලිකාවෙන් එනවා සෙට් එකක් සාමි-පුලවන් කියන පරණ කලාකරුවාව හොයාගෙන. ඒ අයගේ නාළිකාවට වඩසටහනක් පටිගත කරන්න. නමුත් සාමිපුලවන් ඉදිරිපත් කළ සම්භාව්‍ය වාදනය ඒ අයට ඇල්ලුවෙ නෑ. එයාලා අහනවා මේ සංගීතය මොඩ් කරලා ගන්න බැයිද කියලා. සාමිපුලවන් එයාලට බැනලා එළවගන්නවා. ඉතින් ඒක අහන් හිටපු මේ ගමේම තවත් සංගීත කණ්ඩායමක් නියම ෂෝ එකක් දෙනවා. සුද්දන්ට ෆුල් ආතල්. ඒ වෙන කවුරුත් නෙවෙයි සාමි පුලවන්ගේ පුතා- සන්නාසි. ඒ සෙට් එක නම් පට්ටම පට්ටයි. මේ සෙට් එකේ ඉන්න සුපිරිම කෙල්ල තමයි සූරාවලී. අඩියක් ගහලා තමයි නටන්නේ. එයාගේ නැටුම් බලන්න තමයි සෙනඟ ඇදෙන්නේ. පස්සේ මේ කණ්ඩායමට හොඳ ඉල්ලුමක් එනවා දෙස් විදෙස් සියළු දෙනාගෙන්.

සූරාවලී සන්නාසිට පණ වගේ ආදරය කරනවා. නමුත් සන්නාසි බොහොම නිහඬව තමයි ඇයට ආදරය කරන්නේ. පිටට පෙන්නන්නෑ. ඔය අතරේ කතාව වෙනස් අතකට හැරෙනවා. ඒ තමයි සූරාවලීට හොඳ සල්ලිකාර තරුණයෙක්ගෙන් විවාහ යෝජනාවක් ඒමත් සමඟම. සන්නාසි සූරාවලීට කොච්චර ආදරේද කියනවා නම්, සූරාවලී ඒ තරුණයාව බැඳලා හොඳ ජීවිතයක් ගත කරන එක ගැන සතුටු වෙලා ඔහු නිහඬව ඉන්නවා. සූරාවලී නික්ම යෑමත් සමඟම සියල්ල කණපිට හැරෙනවා. කණ්ඩායමට ජනප්‍රියත්වය නැතිවෙනවා. ඒ අතරේ සූරාවලීගේ ඉරණම නරක අතට හැරෙනවා. ඉතිරිය ඔයාලටම බලන්නැයි කියලා ආරාධනා කරනවා.

බොහොම ආදර්ශමත් කතාවක්, කවදාවත් තමන් ආදරය කරන දේවල් බලෙන් දාලා යන්න එපා. නිවාඩු කාලය දිග නිසා තවත් උපසිරැසියක් ළඟදීම ඇරන් එන්නම්. චිත්‍රපටය රසවිඳින්න. ජයවේවා !

Tharai Thappattai (2016)on IMDb

 

 

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

5AD5E9ACC4F793AFB9F3475820FFB27C0B2E9E5F
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>