Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Gotham [S03 : E12] with Sinhala Subtitles |කල හොඳ පස්සෙන් එලවීම [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Gotham S3-1

ඉතින් කොහොමෙයි, ඔයාලාට වෙනදා සබ් අරගෙන එන සුපුරුදු කෙනා නම් නෙමෙයි අද ඉඳලා සබ් අරන් එන්නේ. හසන්ත අයියා පූසාට වැඩේ භාරදුන්නාට පස්සේ පූසා මේ වෙනකන් වැඩේ නියමෙට කරගෙන ආවා. ඒ දෙන්නාගේ සබ් ගැන ඉතින් ආයෙත් කතා කරන්න දෙයක් නැහැනේ. ඔය අතරේ තමයි පූසා මේ වැඩේ මට භාරකරන්නේ. අහපු ගමන් ඉතින් මමත් ‘හා’ කිව්වාට වැඩේ ලේසි නැතිබව පස්සේ තමයි තේරුණේ. බොරුව දානවා නෙමෙයි ඒ දෙන්නා තරම් නම් මම දක්ෂ නැහැ. තිත්ත උනත් ඇත්ත ඒකයි. ඒ තරමට නැති උනත් සබ් එකට පුලුවන් උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා. ලඟදි දැන හඳුනගත්ත මට මේක බය නැතුව භාරදුන්න පූසාට එහෙම නැත්නම් සමන් ප්‍රසාද් සහෝ ඔයාට ගොඩාක් ස්තූතියි ඈ. එහෙනම් ඔන්න අද ඉඳලා මම වැඩේට බහිනවා.

කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කලොත් එඩ් හොයාගන්නවා එයාගේ පෙම්වතියව මැරුනාද මැරුවාද ඒ කවුද කියලා. ඒ කවුරුත් නෙමෙයි පෙන්ගුයින්. එඩ් මොනවායින් මොනවා කරයිද ? එතකොට සෙලීනා බලන්න අමුත්තෙක් එනවා. ඒ තමයි එයාගේ අම්මා. ඒවගේම තමයි ලී, ජිම් නැත්නම් තවටිකෙන් ෆැල්කොන්ගේ පුතාගේ අතින් මැරුම් කනවා. ලීව බේරගන්න ජිම් ෆැල්කොන්ගේ පුතාට වෙඩි තියපු තැනින් තමයි කලින් කොටස අවසන් උනේ. අද කොට එතැන් සිට.

ජිම්ට වෙන්න තියනදේ හිතාගන්න පුලුවන්නේ. ෆැල්කොන් ජිම්ව මරන්න සෑස්ව එවනවා. බලමු ජිම් ගෝඩ්න්ට මොකද වෙන්නේ කියලා. ඒ අතරේ එඩ් පෙන්ගුයින්ට වැඩේ දෙන්න සැලසුම් දියත් කරනවා. බලමු පෙන්ගුයින්ට මොනවා වෙයිද කියල. පෙන්ගුයින් තරහා කරගත්තේ ලේසි පහසු කෙනෙක් නම් නෙමෙයිනේ. අනික් වැඩේ තමයි ගෝතම් නගරයේ මැරුණ මිනිස්සුන්ට පණ ගන්න එක. තව කෙනෙක් ඒ වැඩේට අතගහලා. එයා අපි හැමෝම දන්න කියන කෙනෙක්ට පණ ගන්නයි යන්නේ. ඒ ගැන කතාවේ අවසානයට ඔයාලාට බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ එපියෙන් හම්බවෙමු. හැමෝටම ජය!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E12.HDTV.x264-LOL

Gotham.S03E12.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E12.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                      Next Episode>>

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>