Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Swallows and Amazons (2016) with Sinhala Subtitles |රහස් දුපතේ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Swallows and Amazons (2016)

කොහොමද යාලුවනේ? ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආවා. මම ස්තුති කරන්න ඕනි මේ උපසිරැසිය මට බාර දුන්න හසන්ත වික‍්‍රමරත්න සහෝදරයට. මේ පාර අරගෙන ආවේ IMDB  එකේ 6.3 අගයක් ගත්ත ලස්සන ෆිල්ම් එකක්.

ඔයාලා කවුරුත් පොඩි කාලේ ජාතික රුපවාහිනියේ ගිය පන් පසිදුවන් (The Famous Five) කියන කතාව බලලා ඇතිනේ. මේ කතා ගැන රචනා වුන පොත්, සිංහල පරිවර්තන පවා තියෙනවා. ඇත්තටම මේ ෆිල්ම් එක ඒ කතා වල නැවත නිරමාණයක් කිවුවොත් හරි.

හරි අපි කතාව පැත්තට හැරෙමුකො. ළමයි ටිකක් එයාලගේ නිවාඩුවට ගමට යනවා. ඒ ගම මැද ලොකු වැවක් තියෙනවා. මේ වැව මැද තියෙනවා පුංචි දුපතක්. මෙයාලට ඕනි වෙනවා මේ දුපතට කෑම්පින්ග් කරන්න යන්න. ඉතින් කොහොමහරි බොහොම අමාරුවෙන් ගෙදරින් අවසර අරගෙන මෙයාලා මේ දුපතට යනවා. ඉතින් මෙයාලා මේ නිවාඩුවට ගමට එනකොටත් මේ දුපතට යන්න කලිනුත් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. මම මේ බොහොම කෙටියෙන් කතාව ගැන කියන්නේ. මම ඔක්කොම කිවුවොත් මොනාද බලන්නේ? ඉතින් මෙයාලට මේ දුපතට යන්න පුළුවන් වෙයිද? ගිහින් ආපහු එන්න පුළුවන් වෙයිද? එකේ මොනාද තියෙන්නේ? ඔන්න ඔයවගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් මේ ෆිල්ම් එක බැලුවොත්.

එහෙනම් කට්ටියටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බාගෙන බලන්න කියලා. පරණ මතකයන් අලුත් කරගන්න නියම ෆිල්ම් එකක්.. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.

Swallows and Amazons (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Swallows.and.Amazons.2016.720p.BluRay.900MB.ShAaNiG
Swallows.and.Amazons.2016.720p.BluRay.X264-AMIABLE
Swallows.and.Amazons.2016.1080p.BluRay.X264-AMIABLE
Swallows.and.Amazons.2016.BDRip.X264-AMIABLE
Swallows.and.Amazons.2016.BRRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් චන්දික කුලතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>