Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Flight of the Phoenix (2004) with Sinhala Subtitles |නොහැක්කක් නොමැත [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Flight of the Phoenix (2004)

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු හත් වන උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම මේකත් පරක්කු උනා කියල පිලිගන්නවා. කොටින්ම ජනවාරි මාසේ තාම උපසිරසි දෙකයි ඔයාලට දෙන්න පුළුවන් උනේ. මේ චිත්‍රපටය මගෙන් ඉල්ලපු මිතුන් සහෝදරයා පවා මේක වෙන අයගෙන් ඉල්ලනවා මම දැක්කා. ඒත් පසුගිය දින ටිකේ කරපු වැඩවල අවසානයක් දකින්න ඕන හින්ද තමා මේ පරක්කු උනේ. දැන් ඔක්කොම අවසන්. ඒ හින්ද සුපුරුදු විදියට උපසිරසි අරගෙන එන්න පුළුවන් වේවි කියල හිතනවා. මේ උපසිරැසිය මට වැදගත් වෙන්නේ මේක ඉල්ලපු පුද්ගලයා නිසා. ඒ මොකද කියනවා නම් මගේ හත්වන උපසිරසියේදී මගේ උපසිරසි කරණයට පළමු ගල් ප්‍රහාරය එල්ල කල පුද්ගලයා තමා මේ මිතුන් කියන්නේ. ඒත් පස්සේ කාලේ වෙනත් පුද්ගලයන් මට බැනවදින විට මම වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට එරෙහිව කතා කරනවත් මම දැක්කා. ඉතින් ඒක මගේ ජයග්‍රහණයක්.

ඉතින් මේ චිත්‍රපටය Action, Adventure, Drama ගණයට අයිතිවෙන IMDb අගය 6.1 අරගෙන තියන විශිෂ්ඨ චිත්‍රපටයක්. පවුලේ සැමට බලන්න පුළුවන් මේ චිත්‍රපටය පැයකුත් විනාඩි පනහක දාවන කාලයකින් යුක්තයි. 1964 වර්ෂයේ එලිස්ටන් තේවර් විසින් ලියන ලද Flight of the Phoenix නව කතාව ඇසුරෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. ගොබි කාන්තාරයට උඩින් ගමන් කරනා ගුවන් යානයක් කඩාවැටීමෙන් පස්සේ එහි පිරිස මුහුණ දෙන සිද්දි මාලාවක් සහ නොපසුබස්නා විරියෙන් නව ගුවන්යානයක් නිර්මාණය කරගෙන ගැලවී යාමත් තමා චිත්‍රපටයේ කතාව. මේ නව කතාවෙන්ම මෙම නමින්ම 1965 වසරේත් චිත්‍රපටයක් නිර්මාණය වෙලා තියනවා. මම ඒක ඔයාලට ඉදිරි කාලෙක අරගෙන එන්නම්.

හොඳයි එහෙනම්. ඊළඟට මම අරන් එන්න හිතන් ඉන්නේ විතානගේ ප්‍රියන්ත සහෝදරයා මගෙන් ඉල්ලුම් කරන ලද චිත්‍රපටයක්. ඉතින් එකත් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

බුදු සරණයි….!

Flight of the Phoenix (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Flight.of.Phoenix.2004.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>