Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Shoot ‘Em Up (2007) with Sinhala Subtitles |දන්නවද මම අකමැතිම මොකටද කියලා?(18+) [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Shoot 'Em Up (2007)

ඉතින් යාලුවෝ හැමෝටම ආයුබෝවන් කියලා මමත් ඔන්න අපේ බයිස්කෝප් අඩවියට ගොඩ වුනා. හැබැයි ඔක්කෝමලාගෙන් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වුනාට. මේ ෆිල්ම් එකට සබ් දෙන්න මම අපේ හිතාදර රොයිලි සහෝදරයාගෙන් ඉල්ල ගත්තේ මීට අවුරුද්දයි මාස තුනකට කලින්. බාගෙකට වැඩියෙන් වැඩ ඉවර කරලා තියෙද්දී ඇති වුන පුද්ගලික ප්‍රශ්න කිහිපයක් නිසා මේකෙ ඉතිරි වැඩ ටික මගේ අතින් කල් ගියා. ඉතින් ගොඩක් කල් ගිය නිසා මම හිතුවා මේක වෙන කෙනෙක් අරගෙන කරයි කියලා. අපේ යශෝධ සහෝදරයා මට පනිවිඩයක් එව්වේ නැත්නම් මම හිතාගෙන හිටියේ මේක මේ වෙද්දි දීලා ඇති කියලා. මොනවා වුනත් මෙච්චර කල් අපේ බයිස්කෝප් සහෝදරයින් මම ගැන විශ්වාසයෙන් හිටපු එක ගැන මම මගේ ස්තූතිය පුද කර සිටිනවා. යශෝධ සහෝදරයාගේ පනිවිඩයෙන් පස්සෙ මම ආයෙමත් වැඩ පටන් අරන් ඔන්න මේ විදියට මගේ පලවෙනි උපසිරසිය ඉදිරිපත් කරනවා.

චිත්‍රපටය ගැන කිව්වොත් 2007 අවුරුද්දේ ආපු සුපිරි ක්‍රියාදාම වලින් පිරුන චිත්‍රපටියක් තමයි මේක. පැය 01 විනාඩි 26ක් පුරාවට දිවෙන action/thriller ගනයට අයත් මේ කතාවට IMDB 6.7ක අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ශනය කලේ Michael Davis. ප්‍රධාන චරිත විදියට Clive Owen (King Arthur-2004, Inside Man-2006, Killer Elite-2011), Monica Bellucci, Paul Giamatti යන නලු නිලියන් රoගනයෙන් එක් වෙනවා.

කතාව කෙටියෙන් කිව්වොත් කිව්වොත් මෙන්න මෙහෙමයි. ගැබිනි කාන්තවක් පස්සෙන් මිනිස්සු වගයක් එලවගෙන එනවා ඒ කාන්තාව මරන්න. ඒ කාන්තාවට වඩා ඒ මීනිස්සුන්ට ඕන කුසේ ඉන්න දරුවව මරන්නයි. ඉතින් පාරෙ පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ කැරට් අලයක් කකා ඉන්න ස්මිත් කියලා මනුස්සයෙක් මේ කාන්තාව බේර ගන්න ඉදිරිපත් වෙනවා. එතනින් තමයි මේ කතාව වගේම මේ හැම අවුලක්ම පටන් ගන්නේ. ස්මිත්ට කාන්තාව බේර ගන්න බැරි වුනත් දරුවා බේර ගන්න පුලුවන් වෙනවා. ඒත් මම කිව්වා වගේ එතනින් මේක ඉවර වෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය බලලාම බලා ගන්න එක හොදයි.

ඒ වගේම කියන්න ඕන මේකෙ එන සමහර දර්ශන නිසා මේක 18+ ගොඩට දාන එක තමයි හොද කියලයි මට හිතෙන්නේ. පලවෙනි උපසිරසිය නිසා අඩුපාඩු ගොඩාක් ඇති. මගේ යාලුවෝ අඩුපාඩු තියෙන ඒවා පෙන්නලා දෙයි කියලා හිතනවා. ඉක්මනින් තවත් එකකින් හමුවෙමු. හැබැයි මම පොරොන්දු වෙනවා අයෙ නම් මේ ගේ පරක්කු කරන්නේ නැහැ කියලා. ඔයාලා හැමෝටම ජය!

Shoot 'Em Up (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shoot.’Em.Up.2007.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රියදර්ශණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>