කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා චිත්‍රපටියක් අරගෙන. වෙනද වගේ හින්දි චිත්‍රපටියක් නම් නෙවෙයි අද ගෙනාවෙ. අද ගෙනාවෙ තෙළිඟු චිත්‍රපටියක්. තරිඳු රුක්ශාන් අයිය තමයි මේ චිත්‍රපටිය බාරගෙන බාගයකුත් කරලා තිබුනේ. ඉතින් මම ඉල්ල ගත්තා ඉතුරුටික කරල එවන්නම් කියලා.
2016 අවුරුද්දෙ ජනවාරි මාසයේ තිරගත වීම ආරම්බ වූ මේ චිත්‍රපටියේ IMDb අගය 4.4ක් වෙනවා. Sriwass ගේ අධ්‍යක්ශනය කල මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ Nandamuri Balakrishna, Anjali, Sonal Chauhanm, Vikramjeet Virk සහ Rati Agnihotri. මෙහි සංගීතය S. Thaman.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි චන්දු කියන්නෙ ධර්මා සමාගමට අයත් මාර්ට් එකක්. සාමාන්‍ය සේවකයෙක් විදිහට. එයාගෙ බිරිඳ තමයි කාත්‍යා කියන්නෙ. මේ චන්දුගෙ ගෙදර ඉස්සරහ ගෙදරට එනවා ලස්සන කෙල්ලෙක්. එයාගෙ නම තමයි ඉන්දු. මෙයාට මැරයින්ගෙන් ටිකක් කරදරයි. මේ චන්දු ඒ මැරයො එක්ක සටන් කරලා ඉන්දුව බේර ගන්නවා. මේ අතරෙ චන්දුගෙ මාර්ට් එකේ ලොකු හොරකමක් වෙනවා. චන්දු මේ හොරකම කලේ එයා කියල කියනව. ඒ හින්ද එයාව පොලීසියට අල්ලගෙන යනවා. පොලීසියෙන් එයාව අරගෙන යනවා වෙන තැනකට. එතනට එනවා ධර්මා සමාගමෙ අයිතිකාරයා. එතනින් පස්සෙ තමයි මේ කතාව සම්පූර්නයෙන්ම වෙනස් වෙන්නෙ.
මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු. ඕන් අපි ගියා.
Due to copyright issues, we do not provide any torrent links.
Dictator (2016) Telugu HDRip – 700MB – x264 – 1CD – MP3
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
620 downloads