ඔන්න යාලුවනේ මම ඔයාලට මලයාලම් සලරුවක් අරගන ආවා. මේ මගේ පලවෙනි උපසිරැසිය. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් සබක් බාගන යනවා. ඉතින් මටත් හිතුනා උපසිරසියක් කරන්න ඕන කියලා. ඒකට මම තෝරාගත්තේ Ennu Ninthe Moideen(2015) කියන මලයාලම් ෆිල්ම් එක. බයිස්කෝප් අඩවිය තුල දකින්න ලැබෙන්නේ මලයාලම් ෆිල්ම් පොඩි ප්‍රමාණයක් තමයි. ඒත් මට නම් හිතෙන්නේ දකුණු ඉන්දියානු ෆිල්ම් ගත්තම හොඳම ඒවා නම් ඉතින් මලයාලම් තමයි. මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Prithviraj Sukumaran විසින්. නමින් නම් බොහෝ දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. ඒත් ඔබ මලයාලම් ෆිල්ම්වලට ප්‍රිය කරන කෙනෙක්නම් මේ නම නොදැන ඉන්න විදියක් නෑ. බයිස්කෝප් අඩවිය තුල කලින් පල වූ Memories(2013), Mumbai Police(2013), Oozham(2016) යන මලයාලම් ෆිල්ම් වලින් ඔයාලට මෙයාව දැක ගන්න පුළුවන්. ප්‍රධාන නිළිය විදියට Parvathy රංගනයෙන් දායක වෙලා තියනවා. දනුෂ්ගේ Maryan(2013) ෆිල්ම් එකෙන් සහ මලයාලම් නළු දුල්කියුර් සල්මාන්ගේ Charlie(2015) ෆිල්ම් එකෙන් ඔයාලට මේ නිළියව දැක ගන්න පුළුවන්. වෙන කතා ඇති පොඩ්ඩක් ෆිල්ම් එක ගැනත් කියන්නම්කෝ.
IMDB අගය 8.2/10 ක් හිමිකර ගැනීමට මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා. ෆිල්ම් එක අයත් වෙන්නේ Biographical Romantic Drama කාණ්ඩයට. වර්ෂ 1960 කාලවකවානුවේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි මුක්කම් කියන ප්‍රදේශයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පදනම් කරගන තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. කතාවේ පදනම වෙන්නේ මොයිදීන් නම් මුස්ලිම් තරුණයා සහ කාංචනමාලා නම් මලයාලම් තරුණිය අතර ඇති වූ ආදරය. මේ ෆිල්ම් එක බැලුවාම ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙමත් ආදරයක් තියෙන්න පුලුවන්ද කියලා. ඒත් තිබිලා තියනවා. මොකද මේ කාංචනමාලා අදටත් ජීවත් වෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂකවරයා ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට Prithviraj Sukumaran තෝරගන තියෙන්නේ සැබෑ ජීවිතයේ කාංචනමාලාගේ කැමැත්තට අනුව තමයි. මේ කාංචනමාලා කියන විදියට සැබෑ ජීවිතයේ එන මොයිදීන්, Prithviraj Sukumaraට බොහෝසෙයින් සමානයි කියලා තමයි සඳහන් වෙන්නේ.
ෆිල්ම් එකේ කතාව නම් මම කියන්න යන්නේ නෑ. ඒක ඔයාලම අරගන බලාගන්න. මේක ඔයාලා බලන්න ගත්තොත් මුල සිට අවසානය දක්වාම බලන්න කියලා ඉල්ලා සිටිනවා. අවසානයේ ඔයාලා බලපු හොඳම ෆිල්ම් ගොඩට මේකත් වැටෙනවා කියලා මට සහතික කරන්න පුළුවන්. ෆිල්ම් එකේ සංගීතය ගැනත් ටිකක් කියන්න ඕන. හොඳටම කරලා තියනවා. ගීත සහ පසුබිම් සංගීතය හොඳම මට්ටමේ තියනවා. ඒ නිසාම සින්දු ටිකටත් සබ් කරලා දැම්මා. ආදායම අතින් ගත්තාම මේ තාක් කල් බිහි වූ මලයාලම් ෆිල්ම් වලින් හයවන තැන තමයි ලැබිලා තියෙන්නේ. ඉන්දියාව ගත්තාම ඉතින් සිනමා සම්මාන උළෙලවල් බර ගානක් තියනවනේ. ඒ විවිද සම්මාන උළෙලවල් වල දී හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම ගීත රචනය ඇතුළු සම්මාන 55ක් දිනා ගැනීමටත් තවත් සම්මාන 63ක් සඳහා යෝජනා වීමටත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා.ඉතින් යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරසියනේ. ඒ නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති. ෆිල්ම් එක බැලුවට පස්සේ බයිස්කෝප් එක පැත්තේ ආව වෙලාවක ඔයාලට දැනුන දේ කමෙන්ට් එකක් දාගන යන්න. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Ennu.Ninte.Moideen.2015.Malayalam.BRrip.x265.10bit.PoOlLa
Ennu.Ninte.Moideen.2015.BRRip.480p.x264.Malayalam.ESubs-ViZNU
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
288 downloads