හුග දෙනෙක් දෙනකන් හුගක් කල් බලන් හිටපු ෆිල්ම් එකක් තමා මම මේ අරන් එන්නේ. සබ් එක පරක්කු උනාට කට්ටියට තරහත් ගිහින් ඇති. පරක්කු උන එකට සමාව ඉල්ලන්න මගේ දුක් අදෝනාව මුලුන්ම කියලා ඉන්නම්කෝ. මමත් මේ ෆිල්ම් එකට සබ් එක එනකන් මාස දෙකක් විතර බලන් හිටියා මොකද සබ් එක හද හද බලනාවට වඩා එක පාරම සබ් එක දාන් බලන එක ආතල් හින්දා. ඒ බලන් ඉදලා බැරිම තැන කව්රුවත් සබ් හදන්න බාරගෙන නැද්ද කියලා අහද්දි තමා කිව්වේ කව්රුවත් බාරගෙන නැ හදලා දෙන්න කියලා. ඊට පස්සේ සති 3කට විතර කලින් තමා සබ් එක හදන්න බාර ගත්තේ. මේක චීන භාෂාවෙන් තියන හින්දා ඉංග්‍රිසී සබ් එක බලන් හැදුවත් ඒකෙත් පොඩි පොඩි අවුල් තිබ්බා අනික රජකාලේ භාෂාවකින්නේ තියන්නේ. කොහොම හරි ලයින් 800 විතර හදන් යද්දි ලැප් එක කැඩුනා. ඊට පස්සේ ගෙදර දාලා තිබ්බ ඩෙක්ස්ටොප් එක අරන් ආයෙත් ෆිල්ම් එක ඩවුන් කරලා ඉංග්‍රිසි සබ් එකකත් අරන් මුල ඉදන්ම හදන්න උනා. ඒක නිසා තමා ටිකක් පරක්කු උනේ. කොහොම හරි කට්ටිය සමාව දෙයි කියලා හිතනවා.
ෆිල්ම් එක පැත්තට හැරුනොත් Feng Shen Yan Yi ගේ චීන නවකතාවක් වන The Investiture of the Gods කියන නවකතාව පාදක කරගෙන තමා මේ චිත්‍රපටය Koan Hui විසින් නිර්මානය කරලා තිබෙන්නේ. මෙහි ජිඈන්ග් කියන පූජකයාගේ චරිතයට රගපාන්නේ අපි කව්රුත් දන්න ජෙට් ලී කියන විශිෂ්ඨ රංගදරයා. මෙම චිත්‍රපටය Action | Fantasy කියන ඝනයන් වලට අයත් වෙනවා කියලා තමා කියන්නේ ඒත් මම නම් හිතන්නේ කොමඩි කියන ඝනයටත් දාන්න පුලුවන් මොකද නාචා දෙන ආතල් ගුලි කාලාවත් ගන්න බැ. නාචා කියන්නේ කව්ද කියලා ෆිල්ම් එක බලලාම බලාගන්න කෝ.
හැමොම බලන්න ඉන්න කතාවක් නිසා වැඩියෙන් කියන් නැතුව පොඩ්ඩක් කියන්නම් නැත්තන් ලිපිය හරි නැනේ. කුඩා කල සිටිම ලෝකය අත් පත් කරගැනීමේ ආශාවෙන් සිටි චූ රජු තම ශරීරය කලු මකරා කියන ආත්මයත් සමග හුවමාරු කර ගන්නවා. මේ රජතුමා වලිග නවයේ නරියාගේ මායාබලයට යටත් වෙලා ඇයගේ රූකඩයක් වෙලා සිටින්නේ. මේ වලිග නවයේ නරියා මැරිය හැක්කේ ජිඈන්ග් කියන පූජකයාට තමා ඒ වගේම මේ කලු මකරා මරන ක්‍රමය දැන සිටින්නේ නොපෙනෙන ගෝත්‍රයේ නායකයා පමනයි. මේ නොපෙනෙන ගෝත්‍රයේ නායකයා චූ රජු අල්ලාගෙන ගියාට පස්සේ ඔහුව Xiqi වල රණශූරයෝ බේර ගන්න යන තැනින් තමා ෆිල්ම් එක පටන් ගන්නේ. කතාවේ නමෙන්ම පේනවානේ ක්‍රමය මොකක්ද කියලා. මේ ෆිල්ම් එකේ ඉන්න සුවිශේෂි කෙනෙක් මෙය හොයාගෙන යන ගමනෙදි හමුවෙන බාදා වගේම මේ සටනට සහයෝගය ලබා දෙන්න යාලුවොත් හමු වෙනවා. මේ අභියෝග බිදගෙන යන ගමන වගේම තවත් හුගක් දේ ඒ වෙලාවේ ලෝකයේ සිදු වෙනවා. පැය 1යි මිනිත්තු 48ම කට ඇරගෙන එක දිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක.
මන්කි කින්,ලෝඩ් ඔෆ් ද රින්ග්, හොබිට් වගේ ෆිල්ම් වලට ලෙජන්ඩ් ඔෆ් ද සීකර් වගේ කතා වලට හුගක් කැමති අයට නම් මේක ඉතාමත් හොද ෆිල්ම් එකක් වෙයි. ඒ වගේම මේ ෆිල්ම් එකෙන් සම්පූර්නයෙන්ම කතාව ඉවර වෙන්නැ තව කතා දෙක තුනක් වත් මේ ෆිල්ම් එකේ ඉදිරියට එයි. ඒ වගේම 720p-x264-AAC කියලා තියන ඕනෑම පිටපතකට මේ සබ් එක ගැලපෙනවා.
****** ඔබ සියලු විට සත්‍ය අදහන්නේ නම් ඔබේ සිහින සැබෑවනු ඇත ********
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
26 downloads