ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 13 වෙනි සබ් එක. මේක ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. දැනට ටික කාලෙකට කලිනුත් මං ජපන් ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරස ලබා දුන්නා. ඒ My Neighbor Totoro [1988] කියන චිත්‍රපටයටයි. මේකත් කලින් එක වගේම ගොඩක් ලස්සන කතාවක්. කාටුන් චිත්‍රපටයක් උනත් මෙය කිසිම වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට රසවිඳින්න පුළුවන් එකක්. ඒ වගේම ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම එකම ගැම්මෙන් බලන්න පුළුවන් එකක්.
මේ චිත්‍රපටය නිපදවා තිබෙන්නෙ 1986 වර්ෂයේදි. මෙය සුපක්‍රට ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජපන් ජාතික Hayao Miyazaki විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. සංගීතය නිර්මාණය කර තිබෙන්නෙ Joe Hisaishi විසින්. මෙය නිෂ්පාදනය කර තිබෙන්නෙ සුප්‍රකට ජපන් ඇනිමේෂන් චිත්‍රපට සමාගමක් වන Studio Ghibli මගින්. ජපන් ඇනිමේෂන් චිත්‍රපට නරඹන අය නම් මේ නම් තුන හොඳට අහලා ඇති. මොකද මේ නම් තුන සඳහන් වන විශිෂ්ට ගණයේ ඇනිමේෂන් චිත්‍රපට රැසක්ම තිබෙනවා. මෙම චිත්‍රපටය 8.1 ක් වැනි ඉහල IMDB අගයක්ද ලබා තියෙනවා. දැනට ටික කාලෙකට කලින් මෙය IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවටත් අයිතිව තිබුනා. නමුත් මෑතකදි එය එම ලැයිස්තුවෙන් ඉවත්ව ගොසින්. ඔබ ඇනිමේෂන් චිත්‍රපට වලට ප්‍රිය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මෙය නරඹන්න. මොකද මේ වගේ ලස්සන රෑප රාමු, අලංකාර සංගීතය හා හොඳ කතන්දරයක් අන්තර්ගත මෙවැනි ඇනිමේෂන් චිත්‍රපට අපට දැක ගන්නට ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින්. ඉතිං මෙවැනි චිත්‍රපටයක් කීයටවත් මග ඇරගන්න එපා.
මේ චිත්‍රපටයේ කතාව ගොඩනැගී තිබෙන්නෙ “ලපුටා” නැමැති මන:කල්පිත රාජධානියක් වටා. එය වසර ගණනාවකට පෙර ඉතා ඉහල තාක්ෂණයක් තිබු මිනිසුන් කොට්ටාශයක් වාසය කළ රාජධානියක්. ඔවුන්ට ඉතා ඉහල යුධ තාක්ෂණයක් තිබිලා තියෙනවා. මේ රාජධානියේ විශේෂත්වය තමා එය අහසේ පාවෙන දූපතක් වීම. මෙන්න මේ සැඟවුනු රාජධානිය සොයායන කුඩා ළමුන් දෙදෙනෙක් වටා තමයි මේ චිත්‍රපටය ගොඩනැගී තිබෙන්නෙ. මං මේකේ කතාව නම් ලොකුවට විස්තර කරන්න කැමති නැහැ. මොකද එය චිත්‍රපටයේ රසයට හානියක් වෙන නිසා. ඒ වගේම මං මේකට සබ් එක හදන්න යොදා ගත්තෙ 720p බ්ලූරේ පිටපතක්. එය පාසුකාලීනව ඉංග්‍රීසී භාෂාවෙන් හඬ කවන ලද්දක්. එහි කොලිටිය ඉතාමත්ම ඉහලයි. ඔයාලා චිත්‍රපටය බාගන්නකොට අනිවාර්යෙන්ම ඒ පිටපතම බාගන්න. වෙන වෙන පිටපත් වලට සබ් එක ගැලපෙන්නෙ නැති වෙන්න පුළුවන්, මොකද මේක ජපන් චිත්‍රපටයක් නිසා. එහෙනම් මං දැනට සමුගන්නම්. තවත් සබ් එකකින් ලඟඳීම හමුවෙන්නම්.
ඔබ සැමට ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
Laputa – Castle in the Sky (1986) 720p BRRip x264 AAC [Team Nanban]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
59 downloads